මැයි රැලියට පාර මැද වේදිකාවක් ගහන්න පොලිසියෙන් ඉඩ නොදෙයි

මෙවර මැයි දිනය නිමිත්තෙන් සුපුරුදු පරිදි නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරියේදී නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගය වසා දමමින් පාර මැද මැයි දින වේදිකාව ඉදිකර ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය කර තිබූ ලිඛිත ඉල්ලීම නුවරඑළිය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වන පරිදි ප්‍රධාන මාර්ගය මැද අති දැවැන්ත වේදිකාවක් ඉදිකිරීම එම පකෂය විසින් පසුගිය වසර කීපය තිස්සේම සිදුකළ දෙයකි. මැයි 1 වැනිදා මේ රැස්වීම පැවැත්වුණද එම වේදිකාව ඉදිකිරීම පටන් ගන්නේ ඊට දින දෙකකට පමණ පෙරදී වන අතර බොහෝ විට එම දින දෙකේදීද රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වෙයි.

බදුල්ල, වැලිමඩ, හැටන්, තලවකැලේ, මීපිළිමාන බස්රථ පමණක් නොව නුවරඑළිය නගරයට ඇතුළු වන බොහෝ බස් රථවලට මේ නිසා විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට සිදු වෙයි. ඒවායේ ගමන් කොට අති දුෂ්කරතාවට පත්වූ පිරිස් අතර කම්කරු ජනතාව බහුතරයක් වෙති. නුවරඑළිය පොලිසිය මෙසේ කටයුතු කිරීම ගැන ජනතාව ප්‍රශංසාව පළ කරති.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435