ලාංකිකයින්ට මැලේසියාවේ නිත්‍යානුකූල රැකියා අවස්ථා

මැලේසියාවේ නීති විරෝධී අන්දමින් රැදී සිට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නීත්‍යානුකූලව රැකියාවේ නිරත වීමට එරට රජයෙන් අවස්ථාවක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙම තීරණය මැලේසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා විදේශික ශ්‍රමිකයින්ගේ බලකාය විසින් ගෙන තිබෙන අතර එරට ශ්‍රම වෙළෙඳපොළ තුළ සේවය කරන විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණය ලක්ෂ හතරත් ලක්ෂහයත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමේ අරමුණ ඇතිව දියත් කර ඇති ව්‍යාපෘතියක ට අනුව මෙම අවස්ථාව ලාංකික ශ්‍රමිකයින්ට ලැබී තිබේ.

නීති විරෝධීව රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට කඩිනමින් සිය නිත්‍යානුකූල ලියාපදිංචිය ලබා ගැනීමට හැකි බවත් එය සනාථ කරන ඉලෙක්ට්‍රොනික ලියාපදිංචි කාඩ්පත් ලබා ගන්නා ලෙසත් බලධාරීන් සිහිපත්කර දෙයි.

එමෙන්ම ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ලබා ගැනීමට ලබා දෙන කාල සීමාව දීර්ඝ කිරීමටත් මැලේසියානු රජය පියවර ගෙන ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435