මෑතකදී බඳවාගත් උපාධිධාරීන් ගැන ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙනස්ම තීරණයක

වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු හාරදහස් හයසිය හැට හතක් සඳහා (4667) බඳවාගැනීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බව දන්නා කරුණකි.

මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල සංදේශයකට පසුගිය 9 වෙනි දා අනුමැතිය ලැබී තිබෙන අතර 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් පුහුණුව පිණිස මෙම මාසයේදී බඳවා ගැනීමට නියමිතය. මීට පෙර උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස දාසයදහස් අටසිය අසූවක් (16,880) බඳවා ගත් අතර එහි වයස් සීමාව වූයේ අවුරුදු 21-35 අතරය. නමුත් මෙවර එම වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත.

කෙසේ නමුත් ජූලි මාසයේදී බඳවාගත් උපාධිධාරීන් දහසය දහස් අටසිය අසූවට (16880) යළි සුදුසුකම් පරීක්ෂා කර නියමිත සුදුසුකම් නොමැති උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ​අහෝසි කිරීමටද පියවර ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතනවලටද දැනුම්දී තිබේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435