මෑන් පවර් කඳුළු කවි

කඹුරා සවිය වෙහෙසෙන විට පිල් නොබෙදූ..

උතුරා ගලන තරමට සෙනෙහස වැපිරූ

මතුරා නිතර සමගියේ මිතුරු

පඩිදා කිමද හැඳි දෙකකින් බෙදනයුරු

 

සැමදා සවිසතට දුක දෙන එක අයුරු

කුසාලා වැඩෙන ගින්දර නොබෙදා වැඩුණු

වෙලෙනා නොයෙක් පිරිපත හදවට සතුරු

නොමරා මරණ තරමට කහවනු රුදුරු

 

විඳිනා පිණිස නොව මතු මහලක යසිරූ

විඳිනා දුකට පිළියමකුයි නිතර පැතු

විඳිනා තරමටම නොව මැතිදුන් යසඉසුරු

විඳිනා පිණිසමය මිනිසාත් බව ලැබුණු

 

කරන මෙහෙවරට නිසි ඵල ලැබෙන තුරු

කරනා අරගලය නවතින දින නොදනු

කරනා ගැහැට දැන උනනා දුක කඳුළු

කරනා ලොවම පාලන දෙවිදුන් බලනු

කුමාර කඹුරුපිටිය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435