මිනිස් ජාවාරමේ නිරතවු ලාංකිකයින් 08ක් මැලේසියාවේදී අත්අඩංගුවට

මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් මිනිස් ජාවාරමක නිතර වූ ශ්‍රී ලාංකීකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ආරක්ෂක අංශ සිදු කළ වැටලීමකදීයි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මැලේසියානු ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

එහිදී විදෙස් ජාතිකයින් ඇතුළු විවිධ පුද්ගලයින් එරට ක්වාලාලාම්පූර්හි විවිධ ස්ථානවල නීති විරෝධිව රඳවා තබා ගනිමින්, අනතුරුව යුරෝපා රටවල් වෙත අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකීකයින් එරට ආගමන විගමන පණත යටතේ, රඳවා තබා ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි මැලේසියානු පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435