මුඛ ආවරණ නොපළඳින අයට වැඩ වරදින ලකුණු -මෙන්න අලුත්ම තීරණය

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් 28 සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

ඉකුත් 26 වැනිදා බස්නාහිර පළාත් තුළ පමණක් පුද්ගලයින් 19,000 කට අධික පිරිසක් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 6,700 කට අධික සංඛ්‍යාවක් මුඛ ආවරණ පැළඳ නොසිටි බවයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435