මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය තවත් ඉහළට

මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය තවත් ඉහළට ගොස් තිබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද වන විට කොරෝනා ආසදිතයින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ඊයේ දින මියගිය රෝගියා ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 21 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435