මෙවර රාමසාන් සැමරුම මුස්ලිම් බැතිමතුන් සැමරුවේ මෙහෙමයි

අද මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව දිනයයි. පුරා මාසයක කාලයක් උපවාසය රැකීමෙන් අනතුරුව මුස්ලිම් ජනතාව අද දිනයේ රාමසාන් සමරනු ලබයි. කෙසේ නමුත් මෙවර ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙවර රාමසාන් සමරනු ලබන්නේ න්තම තමන්ගේ නිවෙස්වල සිටයි.

ඉතින් මෙවර රාමසාන් උත්සව සමය ගෙවුනු ආකාරය ගැන අපි මුස්ලිම් තරුණයෙකුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු නමින් එම්.ආර් .එම් රියාස්..ත්‍රීවිල් රියදුරෙකු ලෙස සේවය කරන ඔහු කොළඹ ග්‍රෑන් පාස් හි ජීවත්වෙන අයෙක්. මව පියා හා නැගෙණියන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් පුතු ඔහුයි. පියා සෞදි අරාබියේ සේවය සඳහා විදේශ ගතවී සිටින අතර නැගෙණියන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත් වෙයි.

ඔහු මෙවර නෝම්බි කාලය හා රාමසාන් උත්සවය වෙනස්ම ආකාරයකින් සමරා තිබෙන අතර වෙන අවුරුදු වලට වඩා අලුත් අත්දැකීම් සමඟ වෙනස්ම ආකාරයෙන් උත්සවය සැමරූ බවයි සඳහන් කළේ.

මෙවර රාමසාන් උත්සවය මැණියන් සමඟින් නිවසේ සිටම සමරා ඇති අතර සියළුම ආගමික වතාවත් සිදුකර ඇත්තේද රියාස් විසිනි.වෙන අවුරුදුවල උත්සවය දා උදෑසනම පිරිසිදුවී පල්ලි යන අතර මලවිතුමාගේ ආගමික වතාවත් හා සම්බන්ධ වී උත්සවය සමරනු ලබයි.නමුත් මෙවර මලවි තුමා විසින් සිදුකරන සියළුම ආගමික වතාවත් රියාස් විසින් සිය මෑණියන් හා එක්ව සැමරූ බවත් එය ඔහුට හිමිවූ විශේෂ අත්දැකීමක් බවත් අප හා ප්‍රකාශ කළේය.

නෝම්බි අල්ලන කාලය තුළ රෑට පල්ලි ගොස් ආගම සිහිකරත් මෙවර නෝම්බි කාලය පුරාම නිවසේ සිට ආගමික කටයුතු සිදුකළ බවත් ඔහු මෙහිදී සිහිපත් කළේය.

එමෙන්ම වෙනදට උත්සවය සඳහා ආහාර පාන ,ඇඳුම්පැළඳුම් මිලදී ගන්නවා වෙනුවට මෙවර මව හා එක්ව ආහාර පාන හැකි අයුරින් ආහාර පාන නිවසේදීම සැකසීමට මව විසින් කටයුතු කළ බවත් ඊට සහයෝගය ලබාදීමත් වෙනස්ම අත්දැකීමක් බවත් මෙහිදී පැහැදිලි කළා.

තවද අතේ තිබෙන මුදල්වලින් සුළුවට අරපිරිමැස්මෙන් උත්සවය සඳහා සූදානම් වූ බවත් ආර්ථික ප්‍රශ්න නිසා වෙනදාට වඩා මුදල් වියදම්වීමද අඩු බවත් රියාස් සඳහන් කළා.

මෙහිදී ඔවු තවත් විශේෂ කාරණයක් අප හා ප්‍රකාශ කළා. ” අපි ජීවත්වෙන අවට ජීවත්වෙන වැඩි පිරිසක් සිංහල අය. සෑම අවුරුද්දකම රාමසාන් උත්සව සමයේ ඔවුන් හා එක්ව ආහාර පාන බෙදා දී උත්සවය සමරනවා. ඒ වගේම අපිටත් වඩා අසරණ පුද්ගලයින් සිටින පවුල්වලට කෑම පාර්සල් බෙදා දෙනවා. මේපාර අපිටත් අමාරුකම් ගොඩයි. ඒත් අපි වෙනදා වගේම දවල් කෑමට අපේ ගේ අවට ඉන්න අයට ආරාධනා කරනවා. නැතිබැරි අයට කෑම පාර්සල් කීහිපයක් පුළුවන් හැටියට බෙදා දෙනවා. ඔහු සඳහන් කළේ එවැනි අදහසක්.

ඔහු සිය පියා සම්බන්ධයෙන් මෙවැනි අදහසක් අප හා ප්‍රකාශ කළා. තාත්තා වැඩ කරන්නේ සෞදි අරාබියේ හෝටලයක. කොරෝනා වසංගතය නිසා දැන් රැකියාවත් අහිම්වෙලා එක තැනකට කොටු වෙලා ඉන්නේ.ඉතින් එවැනි වටපිටාවක රාමසාන් අපි සැමරුවේ.

ඔහු අවසාන වශයෙන් අප වෙත ප්‍රකාශ කළේ ඉක්මනින් මේ කොරෝනා වසංගතය දුරු වෙන්න ඕනි. නැත්නම් අපි තවත් අසරණ වෙනවා. හරියට රැකියාවක් කරන්න විඳිහක්නෑ. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා මිසක අඩුවීමක් නෑනේ.ඉතින් මේ ප්‍රශ්න සියල්ලක්ම විසඳිලා රට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනවා නම් හොඳයි.අපේ ප්‍රාර්ථනාවත් ඒකයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435