මේ විදුහල්පතිවරු තනතුරට සුදුසු ද ?

ඒඞ්ස් රෝගය වැළදී ඇතැයි පවසමින් වයස අවුරුදු පහළොව, දාහතර සහ අට වියැති දරුවන් තිදෙනකුගේ පාසල් ගමන විදුහල්පතිවරයකු විසින් නතර කර ඇතැයි මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රවෘත්තිය දැකීමේන් අපේ රටේ ගුරුවරු මෙන්ම සමාජයේ සාක්ෂරතාවයේ තරම ගැන ඇතිවන්නේ කණගාටුවකි.

දඹුල්ලේ ගලේවෙල අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයෙන් ඇති වූ මෙම සිද්ධිය අපට නැවතත් සිහිගන්වනුයේ කුලියාපිටිය ප්‍රදේශයේ දරුවකුට ඒඞ්ස් රෝගය වැළඳී ඇතැයි පවසමින් දරුවා ගිය පාසලේ විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රදේශයේ උගත් නූගත් ජනතාව යකා නැටූ හැටිය.

ගලේවෙල නිරන්ගමුව ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය නිසා පියා අහිමි මව විදේශගතවූ පවුලක හයදෙනකු මුළුමනින්ම ගමෙන් කොන්කර තිබේ. එයින් තිදෙනකු පාසල් යන දරුවන්ය. සිද්ධියට මුලපිරෙන්නේ මෙකී පවුලේ දියණියක විදේශ රැකියාවකට ගොස් සිට මෙරටට පැමිණෙද්දි චර්ම රෝගයකට බඳුන්ව පැමිණීමත් එම රෝගය පවුලේ අනෙක් අයට ද වැළඳීමත්ය. ඒ හා සමගම ගමේ ප්‍රචාරය වන්නේ ඔවුන්ට වැළඳී ඇත්තේ ඒඞ්ස් රෝගය බවය. එනිසා ඔවුන් මුළුමනින්ම ගමෙන් කොන් වන අතර වෙළඳ සැලකට පොදු ස්ථානයකට යෑම පවා ඇහිරෙයි. ඒ හා සමගම පාසල් යන දරුවන් තිදෙනාට ද පාසල් නොඑන ලෙස ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා දැනුම් දී ඇත.

පාසලේ විදුහල්පති ජනක එදිරිසිංහ පවසන්නේ තමන් දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස දැනුම් දීම සත්‍යක් වුවත් ඔවුන්ට වැළඳී ඇත්තේ ඒඞ්ස් රෝගය බව නොපැවසූ බවය. එමෙන්ම මේ ගැන තම කලාපයේ අධ්‍යක්ෂවරිය දැනුවත් නොකළ බවය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ද මේ ගැන තමන් නොදැන සිටි බවත් එහෙත් ගැටලුවට විසඳුමක් ලබා දෙන බවටත් පොරොන්දු වූ බව ද මාධ්‍යයේ පළ විය.

සැබෑ ඇත්ත නම් මෙම සිද්ධිය ඇතිවීමට කලින්ම දරුවන් ඉගෙනුම ලබන පාසල පිහිටි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛi නිළධාරියා කල්වේලා ඇතිවම මේ ප්‍රශ්නය හඳුනාගෙන කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කර ඇති බවය. සිය මහජන සෞඛ්‍ය වෛi නිලධාරියා වෙතින් මෙම රෝගී දරුවන් සහ පවුල ගැන සැබෑ තතු දැනගන්නා ඔහු පාසලේදී දරුවන්ට ඇතිවිය හැකි අනතුර දැක ඇත. පාසල පිහිටි ප්‍රදේශය තම බලප්‍රදේශයට අයත් වුවත් දරුවන් පදිංචි ප්‍රදේශය ඔහුට අයත් නොවේ. එසේ වුවත් ඔහු සිය නිලධාරියා දරුවන්ගේ නිවෙසට යවා තොරතුරු දැනගෙන තිබේ. ඔවුන්ට වැළඳී ඇත්තේ දිලීරයක් මගින් වැළදෙන චර්ම රෝගයක් බවද දැනගෙන තිබේ. ඒ වන විටත් ගමේ ඇති වූ තත්ත්වය ද දැනගෙන තිබේ.

කෙසේ වුවත් මෙම හේතුවෙන් දරුවන්ට මුහුණ දෙන්නට වන තත්ත්වය පිළිබඳව කලින්ම හඳුනාගත් ඔහු කලාප කාර්යාලයට දුරකථනයෙන් දැනුම් දී අනාගතයේ ඇතිවිය හැකි අනතුර ගැනත් එය කලාප කාර්යාලය දැනුවත් කර තිබේ. දුරතකන ඇමතුම දුන් අවස්ථාව වන විට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කාර්යාලයේ සිට නැති බවත් එහෙත් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය දැනුවත් කර තිබෙන බවත් අපට දැනගන්නට තිබේ. ගැටලුව වී ඇත්තේ ඇය මේ පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුවත් කර නොතිබීමය. එය කිනම් හේතුවක් නිසා සිදු නොවුයේද යන්න අපි නොදනිමු.

වෛiවරුන් කොපමණ දැනුවත් කළ ද අපේ රටේ ගම්වල පමණක් නොව නගරවල පවා බොහෝ දෙනා ඇතැම් රෝග සම්බන්ධයෙන් තමන් විශ්වාස කරන දේ බැහැර කිරීමට අකමැතිය. විශේෂයෙන්ම ඒඞ්ස් රෝගය හා එච්. අයි. වී. වෛරසය පිළිබඳ ඔවුන් දරන මතය ඉවතලන්නට කොහෙත්ම කැමති නැත. කුලියාපිටියේ සිද්ධිය ඊට හොඳම නිදසුනය. එහිදී ඔවුන් පැවසුවේ මදුරුවන් මගින් පවා එච්. අයි. වී. වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ශරීරගත විය හැකි බවය. මෙය ඇතැම් ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරීන් පවා එල්බ සිටි මතයක් වූයේය.

අනෙක් කරුණ වන්නේ මෙවැනි ගැමියන් සහ ඊනියා බුද්ධිමතුන් විසින් වෛiවරුන්ටත් පෙර මෙවැනි රෝග හඳුනා ගැනීමය. සැබෑව නම් එච්. අයි. වී. අසාදිතයෙක්ද යන්න හඳුනාගත හැකි වන්නේ රුධිර පරීක්ෂාවකින් පසුව වුවත් මේ අයට ඒවා කොහොත්ම අදාළ නැති වීමය. එසේ හේතු විරහිතව රෝග නිශ්චය කරන මේ පිරිස් වෙතින් සමාජයට වන දරුණුම අසාධාරණය වන්නේ එවැනි රෝගීන් කොන් කිරීමය. මේ සිද්ධියට බදුන් වූ ගලේවෙල පවුලේ හයදෙනාට සිදුව ඇත්තේ ද එයම නොවේද? මෙහිදී ඔවුන්ට ප්‍රතිකාර කරන දඹුල්ල රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛiවරිය පවසා ඇත්තේ නිසි ලෙස ප්‍රතිකාර කිරීමෙන් ඔවුන්ට වැළඳී ඇති රෝගය සුවකළ හැකි බවය. එය අබටැක තරමටවත් ගණන් නොගත් ගම්වැසියන් ගම පුරා මිත්‍යාවක් ප්‍රචාරය කරමින් මේ පිරිස කොන් කිරීමට කටයුතු කළේය.

ඉන් සිදුවෙන අවැඩ ඔවුන්ට අදාළම නැත. මේ අයගේ ජීවිත ඔවුන්ට කිසිදු වැදගැම්මකට නැති ඒවාය. සමහරක් විටෙක ගමේ එක් අයෙකු හෝ මේ වරද නිවැරදි කරන්නට උත්සාහ ගතහොත් සිදුවන්නේ ඔහුටද ගමෙන්ම කොන් වෙන්නටය. හරිහැටි කරුණු කාරණා අවබෝධ කර නොගෙන මෙවැනි පටු තීරණ වලට එළඹෙමින් සමාජ ව්‍යසනයන් ජනිත කරවීමේ මේ ග්‍රාම්‍ය සිතුවිලි නූගතුන් වෙතින් එළිබසින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී පමණක්ම නොවේ. ජ්‍යොතිෂය, ගුප්ත ශ්‍රාස්ත්‍රය වැනි අතිශ්‍ය ආචිර්ණ කල්පික විෂයන්හි පමණක් නොව දේශපාලනික ක්ෂේත්‍රයේද මෙවැනිම අවිiාවන් හා මිථ්‍යාවේ ගැලී සිටින බව රටේ මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වීම ද බෙහෙවින් ම දක්නට තිබෙන්නකි. ඉතිං කෙලෙසද රටක් ලෙස අප දියුණු වන්නේ?

නිමල් අබේසිංහ (ravaya)

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435