මේ විශේෂ නිවේදනය කොරියා ලක් තානාපති කාර්යාලයෙන්!

දකුණු කොරියාවේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව උදෙසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වනු ලබන තානාපති කාර්යාල ජංගම සේවය (තේගු ) 2018.10.28 වන ඉරිදා දින ප.ව 12.30 සිට මධ්‍යාහන ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකාරාමයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

විශේෂයෙන් මෙහිදී,

  • නව ගමන්බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම/ නිකුත් කිරීම
  • රියදුරු බලපත්‍ර සහතික කිරීම
  • ඇටෝනි බලපත්‍ර අත්සන් කිරීම
  • විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යාවත්කාලීන කරගැනීම
  • සේවා ස්ථානය සම්බන්ධ ගැටලු පිළිබඳ උපදේශන සේවාව ඇතුළු සියලු කටයුතු ඉටුකර ගැනීම

වැනි අත්‍යාවශ්‍ය සේවා රැසක් ඉටුකරගැනීමේ හැකියාව ලාංකික ඔබට හිමිවෙයි.

ඔබත් කොරියාවේ සේවය කරන ලාංකික ශ්‍රමිකයෙකු නම් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435