යෝජිත සයිබර් ආරක්ෂක පනත කා සඳහාද ?

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සැලසුම් කර තිබෙන ‘සයිබර් ආරක්ෂක පනතෙහි’ පිටපත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා මධ්‍ය සංවිධාන වෙබ් මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධිධාන හා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්  wedabima.lk / velaiththalam.lk මූලිකත්වයෙන් සංවිධානය කරන ලදි.

එම සාකච්ඡාවට මූලික වූයේ  මහජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීම සඳහා තිබෙන්නේ දින හතකට අඩු කාලයක් පමණක් වීම එනම් අවසන් දිනය 2019. 06. 06 වන අතර, එය අවසන් දිනය නොවන බව අමාත්‍යංශය පවසයි. තවද මෙම යෝජිත පනත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර තිබීමයි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු එම සාකච්ඡාවේදී කරන ලදි.

මෑතදී රජයේ වෙබ් අඩවිවලට සහ කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් රජයට තම සයිබර් ආරක්ෂාව තර කරගන්නට අවශ්‍යතාවයක් ඇති වී තිබෙන බව පෙනේ. එහෙත්, පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වාගන්නට ප්‍රමාණවත් තරම් යාන්ත්‍රණයක් තිබියදීත් එසේ කරන්නට රජය අසමත් වූ අවාසනාවන්ත තත්වය අනුව එවැනි සයිබර් ආරක්ෂණ පද්ධතියක් ප්‍රයෝජනවත් වේ ද යන ප්‍රශ්නය පැනනගියි. එසේ නැතිනම්, එකී සයිබර් ආරක්ෂණ පද්ධතිය ජනතාව සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අමතර බලතල පවරණ යාන්ත්‍රණයක් ද?

සයිබර් ආරක්ෂණ පනතේ තිබෙන වගන්ති සහ එහි මූලෝපාය විශ්ලේෂණය කර බැලීම සුදුසු ය. (මූලෝපායේ මූලෝපාය වන්නේ මූලෝපාය තහවුරු කිරීම බව එහි සාරංශය බසකින් දැක්වෙන බව ඔබ දන්නවා ද?)

මෙම පනත හා මූලෝපාය 2015 ඇමරිකානු සයිබර් ආරක්ෂණ තොරතුරු බෙදාහදාගැනීමේ පනතේ සම්මුති දර්ශක වැනි ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ ප්‍රතිමාන සමග එකඟ ද?

සියලු ඔන්ලයින් ක්‍රියාකාරකම් සහ පෞද්ගලික තොරතුරු වාර්තාගත කරගෙන පුරවැසියන්ට එරෙහිව යොදා ගනීවි ද? තොරතුරු එක්රැස් කිරීම සහ සීමාවකින් තොරව රහසේ නිරීක්ෂණය කිරීම අතර වෙනස කුමක් ද? මෙය පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට සහ මානව හිමිකම්වලට තර්ජනයක් ද?

පනත මගින් සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයකට අධිපත්‍යවාදී නියාමන බලතල පවරා දෙනවා ද? එම බලතල ආරක්ෂක හමුදාවල බලතල ඉක්මවා යනවා ද? පනත මගින් ඔවුන්ට පරීක්ෂාවට ලක් නොවන බලතල පවරා දෙනවා ද?

බාහිර සයිබර් තර්ජන මෙම පනත හඳුන්වාදීම පසුපස තිබෙන සත්‍ය හේතුව ද යන්න සහ නැතිනම් එක ම තර්ජනය සමාජ මාධ්‍යවල පොදු මිනිසා ද යන්න අපි අද ම නිවැරදි ප්‍රශ්න අසා විමසා දැනගත යුතු ය, යන්නයි.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435