රජයේ නිලධාරීන්ට ගෙදර සිට වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක්

රජයේ තීරණාත්මක කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ප්‍රධාන සන්නිවේදන මෙවලම් දෙකක් හඳුන්වා දී තිබේ.

එය දැනටමත් රජයේ ප්‍රධාන ආයතන ගණනාවක් විසින් අනුගමනය කරනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

පවතින තත්වය තුළ රජයේ එදිනෙදා කටයුතු අඛණ්ඩතාව පවත්ව ගෙනයාම ඉතා වැදගත් වේ. රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන අතර තථ්‍යකාලීන තොරතුරු හුවමාරු කර ගැනීම (Real time information sharing) සහ සන්නිවේදනය කිරීම, රාජ්‍ය ආයතන සහ සේවකයින් සම්බන්ධ කිරීම කාලයෙහි අත්‍යවශ්‍ය කරුණකි.

එක් මෙවලමක් වඩාත් ඵලදායි ලෙස සන්නිවේදනය සඳහා කැපවී ඇති අතර එමඟින් වෙනත් බොහෝ ප්‍රයෝජනවත් පහසුකම් සමඟ පණිවිඩ හුවමාරුව ද ඇතුළත් වේ. මෙමඟින් රජයට බාධාවකින් තොරව සම්බන්ධීකරණ ක්‍රියාදාමයකින් තම නිලධාරීන් අතර නොමිලේ සන්නිවේදනය කිරීමට හැකි වේ.

දෙවන මෙවලම වීඩියෝ සම්මන්ත්රණ අවශ්යතා සපුරාලන (open source) ලද විවෘත කේත නිෂ්පාදනයක් වේ. https://meet.gov.lk/ සමගින් ඕනෑම රජයේ ආයතනයකට මේ හා සම්බන්ද වීමෙන් බාධාවකින් තොරව අදාළ නිලධාරීන් සමග වීඩියෝ සංවාද මණ්ඩප මගින් එකම මොහොතක විශාල පිරිසක් සමග නිවෙස්වල සිටම එක්වී කටයුතු කළ හැකිය.

මෙහි විශේෂාංග රාශියක් ඇති අතර ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි (LGII) සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්රී ලංකා රජයට පමණක් හිමිකම් ඇති ලංකා රජයේ මේඝය ( LGC) මේ මෘදුකාංග සදහා පහසුකම් සපයා ඇත .රාජ්‍ය නිලධාරීන් ට මේ පහසුකම් නොමිලේ සැපයේ. අමාත්‍යංශ පළාත්පාලන ආයතන දෙපාර්තමේන්තු රාශියක නිලධාරීන් හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිලධාරීන් මේ කටයුතු මේවන විටත් ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටි. අනෙකුත් නිලධාරීන් හට 011 2497900 මගින් අවශ්‍ය සහය ලබාගත හැකිය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435