රජයේ වෛද්‍ය නිලධාරීන්ට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය දිසා විනිසුරු අහෝසි කරයි

30 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

අධිකරණ නියෝගයක් කඩකර අධිකරණයට අපහාසයක් කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ චෝදනා පත්‍රය ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා විසින් අහෝසි කිරීමට නියෝග කළේය.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ නිලවරණය දිසා අධිකරණය විසින් ජුනි 25 දින සිට ජූලි 9 දින දක්වා බලපැවැත්වෙන වාරණ නියෝගයකින් තහනම් කර තිබිණි.

 

එසේ වාරණ නියෝගයක් පනවා තිබියදී වෛද්‍ය නිලධාරීන් විසින් ජුනි 28 දින නිලවරණයක් පවත්වා අධිකරණ නියෝග කඩකර ඇති බවට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

මෙම නඩුව ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ඊයේ (29දා) විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරයා දෙපාර්ශ්වයම අමතමින් වාරණ නියෝග කඩකර ඇති බවට කරුණු තහවුරු නොවන හෙයින් චෝදනා කියවා දීම අවශ්‍ය නොවන බව පවසමින් චෝදනා පත්‍රය අහෝසි කළේය.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටි අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා සමඟ නීතිඥ සුනිල් ලංකාතිලක මහතා පෙනී සිටියහ.

 

මුලාශ්‍රය – මව්බිම

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435