රජයේ සියලු රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

වෛද්‍ය හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සාමාන්‍ය පරිදි සෞඛ්‍ය සේවා සපයන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ  කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ  සියලු රෝහල්වල  සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වේ.

කාසල්විදිය කාන්තා රෝහලේ ගර්භනී මාතාවන් සදහා සිදු කරන සෞඛ්‍ය සේවාවන් සහ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් දෛනිකව Covid 19 වෛරසය පිළිබදව සිදු කරන පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදු කරන අතර, අනුරාධපුර මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ද මෙම පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.

වෛද්‍ය,  හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි අත්‍යාවශ්‍ය සහ සමාන්‍ය සෞඛ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සියලු රෝහල්වල නේවාසික රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. කොරොනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විශේෂිත  ආරක්ෂිත ක්‍රමවේද  රෝහල් තුල ක්‍රියාවට නංවා ඇත. සියලු රෝහල් කාර්ය මණ්ඩල ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරනු ලබයි.

විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පිරිස් රෝහල්වෙත පිවිසිමේ දී ඔවුන් ඇතුළත් කිරිම සදහා විශේෂිත ආරක්ෂිත ප්‍රවේශ හා  ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන් සදහා විශේෂිත වැසිකිළි පහසුකම් දී සළසා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435