රජය මොන එකඟතා වලට ආවත් විවෘත කළ ආයතන වල සේවකයන්ගේ ප්‍රශ්න උග්‍රවේ

කෝවිඩ් 19 වසංගතය හේතුකොට වසා දමා තිබූ බොහෝ ආයතන යළි විවෘත කර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතත්, එසේ ආරම්භ කරන ලද පහත නම් සඳහන් ආයතනවල සේවක සේවිකාවන් හට එහි දැක්වෙන ආකාරයේ ගැටළු වලට මුහුණා පා ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදූ සේවා සේවක සංගමය, නිදහස් සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදූ කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාරස්  ශ්‍රී ලංකා   වෘත්තීය සමිති විසින්  කම්කරු ජනරාල් කොමසාරිස් ජනරාල්වරයා වෙත හා කම්කරු අමාත්‍යවරයා වෙත ගැටළු පවතින ආයතන වල පූර්ණ විස්තරයක් සමග ලිපියක් බාර දී ඇත.

එම ලිපියේ දැනට අර්බුද පවතින ආයතන වල විස්තර පහතින් දැක්වේ.

  1. චීෆ්වේ කටුනායක ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතුරින් සේවකයින් 150 කට වැඩි සේවක පිරිසකට සේවය ලබාදීම සමාගම ප්‍රතික්ෂේප කර ඇති අතර එසේ සේවය ලබා නොදීමට හේතු වශයෙන් ඔවුන්ට නිකුත් කර ඇති ලිපිවල සඳහන් කර ඇත්තේ එම සේවක සේවිකාවන් සේවයට වාර්ථා නොකළ බැවින් සිය කැමැත්තෙන් සේවය අත්හැර ගියා සේ සළකන බවය. එහෙත් එම සේවක සේවිකාවන් පවසා සිටියේ ඔවුන්ට යළි සේවයට වාර්ථා කරන ලෙසට සමාගමෙන් කිසිදූ දැනුම්§මක් සිදූ නොකළ බවත්” සමාගම විසින් සකස් කර තිබූ ලිපියකට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ගත් බවත් ය. මෙළෙස ලිපිවලට බලහත්කාරයෙන් අත්සන් ගත් සේවක සේවිකාවන් සමාගම වෙත යවන ලද ලිපි මගින් එසේ බලහත්කාරයෙන් ලබාගත් ලිපියෙහි සඳහන් ආකාරයට සේවය අතහැර යාමට තමන්ට කිසිදූ අදහසක් නොමැති බවත්” ඒ අනුව තමන්ට යළි සේවය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත. මෙම සේවක සේවිකාවන්ගෙන් සමහර අයට 2020 අප්‍රේල් මස වැටුප් ද නොගෙවා ඇති බව ද අපට වාර්ථා කර ඇත.

  1. වයිට් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

2020 මාර්තු මස 18 වන දින තෙක් නිෂ්පාදන කටයුතු කරගෙන යන ලද මෙම කර්මාන්තශාලාව යළි විවෘත කර ඇතත් එහි සේවක සේවිකාවන් සිය¿ දෙනා මෙතෙක් යළි සේවයට කැඳවා නැති බවත් එහි සේවය කරන ඉන්දියානු ජාතිකයින් පමණක් සේවයට කැඳවා ඇති බවත් , 2020 මාර්තු මස වැටුපෙන් දින 8 1/2 ක වැටුපක් අඩුකර ගෙවා ඇති බවත්, අප්‍රේල් මස වැටුප ගෙවා නැති බවත් අප වෙත වාර්ථා කර ඇත.

  1. හයිඩ්‍රාමණි ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම කර්මාන්තශාලාවේ යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතත් එහි සේවය කරන ලද වයස 50 ට වැඩි සේවක සේවිකාවන් සේවයෙන් ඉවත් කර ඇති අතර වසරකට අඩු සේවා කාලයක් ඇති සේවක සේවිකාවන් කිසිදූ හේතුවක් නොදක්වා මෙතෙක් සේවයට කැඳවා නැති බවත් අප වෙත වාර්ථා කර ඇත.

  1. ස්මාර්ට් ෂර්ට් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක.

මෙම සමාගමට අයත් කර්මාන්තශාලා 04 ක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිෂ්පාදන කටයුතු කරගෙන ගොස් ඇති අතර 2500 ක් පමණ වන සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුපෙන් රු. 10,000/= ක් පමණක් ගෙවා ඇති අතර නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්ථා නොකරන ලෙසට එම සේවක සේවිකාවන්ට දැනුම්දී ඇතැයි අප වෙත වාර්ථා කර ඇත.

  1. ස්ක්‍රීන් ලයින් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගමේ සේවක සේවිකාවන් හට අප්‍රේල් මස වැටුප මෙතෙක් ගෙවා නැති අතර සේවකයින් 65 දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කර ඇති බව අපට වාර්ථා කර ඇත.

  1. ස්ටාර් ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගමේ 2020 මාර්තු මස 19 වන දින සිට එහි නිෂ්පාදන කටයුතු නතර කර තිබූ අතර 2020 අප්‍රේල් මස 15 වන දින සිට නැවතත් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදි. මෙසේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේදී එහි සේවය කරමින් සිටි සේවක සේවිකාවන් කිහිප දෙනෙකු හට සේවය ලබා නොදී සේවක සංඛ්‍යාව අඩු කරන ලද අතර සේවක සේවිකාවන් හට 2020 අප්‍රේල් මස සිංහල හා හින්දූ ඇළුත් අවුරුද්ද සඳහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රසාද දීමනාව ද අත්හිටුවා ඇත. තවද, සේවකයින් කොටසක් පමණක් අඛණ්ඩව සේවයට කැඳවා ඇති අතර ඉතිරි සේවකයින්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී එළෙස ප්‍රමාද කර සේවයට කැඳවන ලද සේවකයින්ට ත්‍රෛපාර්ශවික එකඟතාවය මත යැයි සඳහන් කරමින් අඩ වැටුප් ගෙවීම් සිදූ කරන බව ඔවුන් වෙත දන්වා ඇතැයි අප වෙත වාර්ථා කර ඇත.

  1. නිස්බෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගමේ සේවක සේවිකාවන් හට අප්‍රේල් මස වැටුප මෙතෙක් ගෙවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. නොරාටෙල් ඉන්ටර් නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගමේ සේවය සඳහා ස්ථිර මූලික වැටුපකට” දිනපතා සේවයේ යෙදීම සඳහා මෑන්පවර් පදනම මත බඳවාගෙන  සිටි සේවකයින්ගේ මාර්තු මස සඳහා වැටුප් ගෙවීමේදී වැඩ කළ දින ගණන පදනම් කරගෙන වැටුප් ගෙවා ඇති අතර අප්‍රේල් මසට අදාල වැටුප මේ වන තෙක් ගෙවා නැත.

  1. එලිගන්ට් ඇපරල් ප්‍රයිවට් ලිමිටඩ් – ලියනගේමුල්ල, සීදූව

මෙම ආයතනයේ එක් අංශයක පමණක් නිෂ්පාදන කටයුතු අරඹා ඇති අතර සේවකයින් 600 දෙනෙකු පමණ මේ වන තෙක් සේවයට කැඳවා නැත. තවද මාර්තු මස වැටුපෙන් 40% ක් ගෙවා ඇති අතර අප්‍රේල් මස වැටුප මේ වන තෙක් ගෙවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ඉසින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් – ආඩිඅම්බලම

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් මෙම කර්මාන්ත ශාලවේ සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප මෙතෙක් ගෙවා නැති අතර සේවකයින් කොටසක් මේ වෙන තෙක් සේවයට කැඳවා නැති බවත් අප වෙත වාර්තා කර ඇත.

  1. ලෙෂර් ලයින් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගමේ සේවකයින් කොටසක් සේවයෙන් ඉවත්කර ඇති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. එල්ස්ටීල් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක

මෙම සමාගම වසා දමා නැවත විවෘත කිරීමෙන් පසුව වෘත්තීය සමිති නිලධාරීන් තිදෙනෙක්ව සේවයට කැඳවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ස්කයි වේ සී ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් – දංගල්ල පිටිය, තලාහේන, මීගමුව

මෙම සමාගමේ සේවකයින් 40 දෙනෙකු මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති අතර අනෙකුත් සේවකයින්ට ස්වේච්ඡාවෙන් වන්දි ලබාගෙන සේවයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බලකර සිටින බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ජිනසේන ප්‍රයිවට් ලිමිටඩ් – ගම්පහ පාර, ඒකල

මෙම සමාගම වසා දමා නැවත විවෘත කිරීමෙන් පසුව වෘත්තීය සමිති නිලධාරීන් තිදෙනෙක්ව සේවයට කැඳවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. එස්කුවෙල් ශ්‍රී ලංකා ලිමිටඩ්

මෙම සමාගමට අයත් යක්කල, ඒකල සහ කෑගල්ල යන කර්මාන්තශාලා තුනෙහි සේවකයින් හට ඊනියා ස්වේච්ඡා ඉල්ලා අස්වීමේ ක්‍රමයක් හඳූන්වා දෙමින් විවිධ බලපෑම් සහ බොරු පොරොන්දූ දෙමින් සේවකයින් 1000 ක් පමණ සේවයෙන් ඉවත් කර ඇති අතර ඉන් පසුව ඉතිරි සේවකයින් සඳහා ත්‍රෛපාර්ශවික එකඟතාවය අනුව යැයි සඳහන් කරමින් ඔවුන්ට අඩ වැටුප් ගෙවන බව දන්වා ඇත. තවද, ඊනියා ස්වේච්ඡා ඉල්ලා අස්වීමේ ක්‍රමය උපයෝගී කරගනිමින් යක්කල කර්මාන්තශාලාවේ සේවකයින් 300 කට වැඩි පිරිසක් ඉවත් කරගත් පසු එම කර්මාන්තශාලාව අඩු සේවක පිරිසකගෙන් පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කරමින් යක්කල කර්මාන්තශාලාව වසා දමා එම සේවකයින් ඒකල කර්මාන්තශාලාවේ සේවයට අනුයුක්ත කර ඇත.

  1. යුනයිටඩ් ට්‍රැක්ටර් එකියුමන්ට් ප්‍රයිවට් ලිමිටඩ් – මීගමුව පාර, මාබෝල, වත්තල

කෝවිඩ් 19 වසංගතයෙන් පසු රැකියාවට පැමිනි පසු 5%, 10% ආදී වශයෙන් සේවකයින්ගේ වැටුපෙන් අඩු කර ගෙවා ඇති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ස්ටාර් ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කොග්ගල

මෙම කර්මාන්තශාලවේ සේවකයින් කොටසක් පමණක් අඛණ්ඩව සේවයට කැඳවා ඇති අතර ඉතිරි සේවකයින්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී එළෙස ප්‍රමාද කර සේවයට කැඳවන ලද සේවකයින්ට ත්‍රෛපාර්ශවික එකඟතාවය මත යැයි සඳහන් කරමින් අඩ වැටුප් ගෙවීම් සිදූ කරන බව ඔවුන් වෙත දන්වා ඇතැයි අප වෙත වාර්ථා කර ඇත.

  1. ට්‍රෙන්ඩ් සෙටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කොග්ගල

මෙම කර්මාන්තශාලවේ සේවකයින් සඳහා මාර්තු මස වැටුපෙන් ගෙවා ඇත්තේ 35% ක් පමණක් බවත් මේ වන තෙක් අප්‍රේල් මස වැටුප ද ගෙවා නැති බවත් අප වෙත වාර්ථා කර ඇත.

  1. W15Escape හෝටලය – අහංගම, කොග්ගල

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණ, 16 වන මහළෙහි පිහිටි ඉලූක්විලා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අයත් ඉහත නම් සඳහන් හෝටලයෙහි සේවකයින් සඳහා මාර්තු මසට අදාල වැටුප් ගෙවා නැති අතර මේ වන තෙක් එම හෝටලය යලි විවෘත කිරීමක් ද කර නැත. මේ සම්බන්ධව සේවකයින් කළ විමසීමකදී වැටුප් සහ දීමනා ගෙවීම් කළ නොහැකි බවත් කොවිඩ් 19 වසංගතය නිසා ආයතනය වසා දමා ඇති බවත් එහි මූල්‍ය කළමණාකරු පවසා ඇති බව අප වෙත වාර්තා කර ඇත.

  1. බ්‍රැන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කොග්ගල

ඉහත නම් සඳහන් ආයතනයේ සේවකයින් කොටසක් පමණක් අඛණ්ඩව මාසයම සේවයේ යොදවා ගෙන ඇති අතර එසේ තෝරා නොගත් සේවකයින්ගෙන් සේවය ලබා ගැනීමේදී දින 13 ක් වැඩ ලබා දී ඇත්නම් මාස භාගයක වැටුපක් ගෙවන බව අප වෙත වාර්ථා කර ඇත. තවද සේවකයින් සතියකට දෙවරක් ආයතනයේ වෙබ් අඩවිය සමග සම්බJධවිය යුතු බවත් එසේ සම්බන්ධ වන සේවකයින්ට පමණක් රු 14,500/= ක් ගෙවන බවත් ඔවුන් වැඩිදූරටත් අප වෙත වාර්තා කර ඇත. ඔවුන් පවසා සිටින්නේ ස්මාට් ජංගම දූරකථන නොමැති සේවකයින්ට මේ අනුව වැටුප් අහිමි වන බවය.

  1. නිමාලි ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් – මහවීදීය පාර, පානදූර

මෙම සමාගමේ සේවකයින් හට අප්‍රේල් මස නිවාඩුව වෙනුවෙන් ඊට පෙර හිලව් දින වශයෙන් සේවය ලබාගෙන ඇති අතර අප්‍රේල් මස සිට මෙතෙක් එම සේවකයින් හට වැටුප් ගෙවා නැති බව අප වෙත වාර්ථා කර ඇත. තවද, ඔවුන්ව මෙතෙක් සේවයට කැඳවීමක් ද කර නැත.

  1. කෙසෙල්වත්ත මෙට්ල් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් – දිග්ගල, කෙසෙල්වත්ත

මෙම ආයතනයේ සේවකයින් 20 දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කර ඇති බව අප වෙත වාර්තා කර ඇත.

  1. කෙසෙල්වත්ත ඒජන්සීස් ප්‍රයිවට් ලිමිටඩ් – දිග්ගල පාර, කෙසෙල්වත්ත

මෙම ආයතනයේ සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප ගෙවා නැති බව අප වෙත වාර්තා කර ඇත.

  1. පැට්පැස්ලින් ප්‍රයිවට් ලිමිටඩ් – ගාලූ පාර, රත්මලාන

මෙම ආයතනයේ සේවය කරන සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප ගෙවා නැති බව අප වෙත වාර්තා කර ඇති අතර සේවකයින් කොටසක් පමණක් සේවයට කැඳවා ඇත. අතිකාල නොගෙවා සේවය ලබා ගන්නා බව අප වෙත වාර්තා කර ඇත.

  1. ජේ. ජේ. ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් – ගාලූ පාර, පයාගල

මෙම ආයතනයේ සේවය කරන සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප වෙනුවෙන් රු. 8,000/= බැගින් පමණක් ගෙවා ඇති අතර සේවකයින් සියයකට අධික පිරිසක් ඉවත් කර ඇති බව අප වෙත වාර්තා කර ඇත.

  1. ජී.වී.ජී. ලංකා ප්‍රයිවට් ලිමිටඩ් – පාරණ ගාලූ පාර, වලාන, පානදූර

මෙම කර්මාන්තශාලාවේ සේවකයින් අප්‍රේල් මස අවුරුදූ නිවාඩුව සඳහා හිලව් දින වශයෙන් සේවයේ යොදවා ඇති අතර ඔවුන්ගේ අප්‍රේල් මස වැටුප මෙතෙක් ගෙවා නැති බවත්” සේවකයින් කොටසක් පමණක් සේවයට කැඳවා ඇති බවත් අප වෙත වාර්ථා කර ඇත.

  1. බ්ලැක්හොක් සිකුරිටි සින්ඩිකේට් ප්‍රයිවට් ලිමිටඩ්, ප්‍රධාන පාර, අත්තිඩිය පාර, බොරලැස්ගමුව

අප්‍රේල් මස වැටුප මෙම සේවකයින් සඳහා මෙතෙක් ගෙවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. පැරඩයිස් ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් – කපිතාන් සුමුදූ රාජපක්ෂ මාවත, කරගම්පිටිය

මෙම සමාගමේ සේවකයින් සඳහා නියමිත අප්‍රේල් මස වැටුප් ගෙවීම් කර නොමැති බවත්, සේවකයින් කොටසක් පමණක් සේවයට කැඳවා ඇති බවත් අප වෙත වාර්ථා කර ඇත.

  1. කොකා කෝලා බෙවරේජස් ප්‍රයිවට් ලිමිටඩ් – බියගම

මෙම සමාගමේ සේවකයින් මෙතෙක් භුක්ති විඳින ලද වරප්‍රසාද කෝවිඩ් 19 වසංගතයේ බලපෑම මතයැයි සඳහන් කරමින්  අහිමි කර ඇති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ස්ට්‍රෙච්ලයින් ප්‍රයිවට් ලිමිටඩ් – අපනයන සැකසුම් කලාපය, බියගම

මෙම සමාගමේ සේවකයින් 2000ක් පමණ සේවය කරන අතර ස්වේච්ඡා ඉල්ලා අස්වීමේ වන්දි ක්‍රමයක් උපයෝගී කරගනිමින් සමාගමේ සේවකයින් 600ක් පමණ ඉවත් කරන බව සමාගම දන්වා ඇතැයි අප වෙත වාර්ථා කර ඇත.

  1. එන්.සී. ෆැෂන් – රණාළ, කඩුවෙල

අප්‍රේල් මස වැටුප මෙහි සේවකයින් කොටසකට මෙතෙක් ගෙවා නැති අතර එම සේවකයින් මේ වන තෙක් සේවයට කැඳවීමක් කර නැති බව ද අප වෙත වාර්තා කර ඇත.

  1. ෂර්ටන් ටර්ටල් බීච් හෝටලය – ගාලූ පාර, කොස්ගොඩ

මෙහි සේවකයින්ගෙන් 70% ක පමණ වන සේවක කොටසකට අප්‍රේල් මස වැටුපෙන් 30% ක් පමණක් ගෙවා සේවයෙන් ඉවත් කරන බවට ලිපියක් ලබා දී ඔවුන්ගේ සේවය අවසන් කර ඇති බව අප වෙත වාර්ථා කර ඇත.

  1. ඒ. බී. සිකුරිඩාල් ප්‍රයිවට් ලිමිටඩ් – කිරුල පාර, නාරාහේන්පිට

මෙම ආයතනයේ සේවකයින් සඳහා නියමිත අප්‍රේල් මස වැටුපෙන් කොටසක් අඩුකර වැටුප් ගෙවා ඇති බව අප වෙත වාර්තා කර ඇත.

  1. රීගල් කැලිබර් එල්.කේ. ලිමිටඩ් – කුරුගම්මෝදර, කිරිඇල්ල

මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් සඳහා අප්‍රේල් මසට අදාල වැටුප මේ වන තෙක් ගෙවා නැති බව අප වෙත වාර්තා කර ඇත. මෙතෙක් 400 පමණ වන එම සේවකයින් අතරින් කිසිවෙකු හෝ යළි සේවයට කැඳවා නැති බවද වැඩිදූරටත් වාර්ථා කර ඇත.

  1. ස්පෙෂලිටි කන්ට්‍රක්ෂන් කෙමිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ් – 186, නාවල පාර, නාවල

මෙම සමාගමේ සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප මේ වන තෙක් ගෙවා නැති බව අප වෙත වාර්ථා කර ඇත.

පැන නැගී ඇති මෙම බරපතල තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අදාල පියවර ගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටින්නෙමු. මේ සම්බන්ධව ඔබ ගන්නා පියවර සම්බන්ධයෙන් අප දැනුවත් කරන්නේ නම් අගය කොට සළකන්නෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435