රජ්‍ය සේවයේ සිටින, රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂා කරන අයට සුබ ආරංචියක්!

සියලුම රජයේ  සේවකයින්ට ජූලි මස 01 වැනිදින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අය – වැය යෝජනාවක අනුව මෙම අන්තර් දීමනාව ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.

මීට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයින්ට සියයට 107 න් වැටුප් වැඩිවීමක් හිමිවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන 2020 වනවිට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905 ක් පමණ වැයවන බව ගණන් බලා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435