රට රැකියාවට යන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ, ශ‍්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට යළි ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය  කියා සිටියේ විදෙස් රැකියා සඳහා යාමට අපේක්ෂා කරන පුද්ගලයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ ඒ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගත හැකි බවයි.

මේ වනවිට විදේශ රැකියා සඳහා යාමට අනුමැතිය ලබාදෙන රටවල් සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කරුණු දැක්වූවා.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435