රත්මලානේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය උපාධි පිරිනමන ආයතනයක් කිරීමට පියවර

පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රයේ උපාධි පිරිනැමීමට ආයතනයට මේ වන විට පවතින බාධා කවරේද යන්නත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් සපුරා ගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිතව උපාධි පාඨමාලා ලබා දෙන ආයතනයක් බවට රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය පත් කිරීමට ඇති සෑම පියවරක්ම ගත යුතු බව කර්මාන්ත ඇමති විමල්විර වංශ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ, රත්මලාන පිහිටි කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා නිරික්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟලුම් සහ පාවහන් කර්මාන්තයට අයත් මානව සම්පත් පුහුණු කිරීමේ ආයතන අතර ප්‍රමුඛතම ස්ථානයක පවතින අතර මේ වන විට ඊට අදාළ පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා 80ක් පමණ පවත්වාගෙන යනු ලබයි. ඒ අතර NV 4 මට්ටමේ පාඨමාලා 07ක් ද වේ. සිය නිරික්ෂණයෙන් අනතුරුව ආයතනයේ ඉහළ නිලධාරින් සමඟ මෙම ක්ෂේත්‍රයට උපාධියක් පිරිනැමීමේ අවස්ථාව ඇත්දැයි පරික්ෂා කළ යුතු බව කීය.

මෙම අවස්ථාවට ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු, අමාත්‍ය මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික යන මහත්වරු සහ සියලු අංශ ප්‍රධානීහු එක්ව සිටියහ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435