රනුක්ගේ වාර්තාව කෝ ?

2019 සැප්තම්බර් 23 දින රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයෙන් පසුව රනුක්ගේ වාර්තාවෙන් අපගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව බලධාරීන් විසින් පැවසුවද මෙතෙක් එම වාර්තාව ප‍්‍රකාශයට පත් කර නොමැත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම වාර්තාවේ ඇතුලත් කරුණු පිලිබඳව විමසීමක් කලද එය ලබා දීමට නොහැකි බව දන්වා ඇත. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 06/2006 අනුව රාජ්‍ය සේවයේ වැටුප් අනුපාතය 1:4.25 වන අතර එය රනුක්ගේ වාර්තාවෙන් 1:4.5 දක්වා ඉහල දමා ඇති බැවින් ඉන් විධායක ශේණියේ නිලධාරීන්ට වැඩි වාසියක් අත්වන අතර දැනට ඇති විෂමතාවය තව තවත් ඉහල යයි.

එබැවින් මෙතෙක් විධායක ශේණියේ නිලධාරීන්ට පමණක් කැප අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් අදෘශ්‍යමාන වූ රනුක්ගේ වාර්තාව අත යටින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධය තරයේ ප‍්‍රකාශ කරමු.

සුලානි පවිත‍්‍රා, කළමනාකරණ සේවා නිලධාරී, රේගු දෙපාර්තමේන්තුව

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435