රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපති වෙත

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද  විශේෂ කොමිෂමේ වාර්තාව කොමිෂමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන් විය.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් මෙම කොමිසම පත් කරන ලදී.

ඒ 2018-08-14 වන දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ය.

එස්. රනුක්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද, එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති මෙකී කොමිසමට සාමාජිකයන් 15 දෙනෙක් ඇතුළත් වෙති.

එම අවස්ථාවට එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටි අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විමෂතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙම කමිටුවට බාර දෙන ලදි.

 වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435