රාජ්‍ය ආයතනවල සාමය ආරක්ෂා කරන්නැයි ජනපති වෘත්තීය සමිතිවලින් ඉල්ලයි

රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

පසුගිය දිනවල  රාජ්‍ය ආයතන කිහිපයක් තුළ ඇති වූ සිදුවීම් පෙන්වාදුන් ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එජාපය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්ත්වයක් තුළ සියලූ රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහය පළ කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435