රාජ්‍ය ආයතන 100 ක් බත්තරමුල්ලට

“ඉදිරි කාලයේදී බත්තරමුල්ල කේන්ද්‍ර කරගනිමින් ඒ අවට ප්‍රදේශය ඉතාමත්ම වැදගත් ස්ථානයක් බවට පත්වනවා. මොකද මේ කලාපය අපි පරිපාලන නගරය ලෙස හඳුනාගෙන තිබෙන නිසා. ඒ වගේම මේ ස්ථානය හරහා තව වසර කිහිපයකින් කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතියක් ක්‍රියාත්මකයි.”

“ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා  කොළඹ නගරය අවට තිබෙන රාජ්‍ය ආයතන 100 කට ආසන්න ප්‍රමාණයක් මේ කලාපයට ගෙන එන්න.  එවිට මේ ස්ථානය වටා ඉතා වැදගත් පරිසර පද්ධතියත් ආරක්‍ෂා කරගෙන නව නාගරික වටපිටාවක් ගොඩනැගෙනවා. එයට සරිලන පරිද්දෙන්, විශේෂයෙන්ම අපේ මධ්‍යම පන්තියට ගැලපෙන ආකාරයට මේ ස්ථානය වර්ධනය කර ගැනීමයි අපේ අරමුණ.”

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, වෝටර්ස් ඒජ් ආයතනයේ ෆිෆ්ටි කේ ඕකිඩ් සුපිරි අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

පසුගිය කාලයේ අපේ ආර්ථිකයේ ක්‍ෂෙත්‍ර දෙකක් වර්ධන උනා. එකක් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය. එයටත් අපේ අමාත්‍යාංශය සම්බන්ධයි. අනෙක සංචාරක ක්‍ෂෙත්‍රයට. සංචාරක ක්‍ෂෙත්‍රයට අපට තිබෙන එකම සම්බන්ධය මේ ආයතනය.  ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මගින් යම් ආදර්ශයක් ලබාදෙන්න. ස්ථානීය අගයක් ලබාදෙන්න. සංචාරක ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය සඳහා. නාගරික සංවර්ධනය පැත්තෙනුත් මේ කලාපය ඉතා වැදගත් කලාපයක් බවට ඉදිරි වසර කිහිපය තුළදී පරිවර්ථනය උනහම මේ ප්‍රදේශය වැදගත් දියුණුවක්, ආර්ථිකයට ජවන ශක්තියක් මේ මගින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435