රාජ්‍ය කළමනාකරණ සේවයේ උද්ඝෝෂණය කල් යයි!

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක සේවිකාවන් විසින් එළඹෙන 31 වන දින කොටුව දුම්රියපළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. රටේ උද්ගතව පවත්වා දේශපාලන අස්ථාවරත්වය හා කැළඹිලිකාර ස්වරූපය හේතුවෙන් එම උද්ඝෝෂණය දින නියමයක් නොමැතිව කල්දැමීමට කළමනාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් තීරණය කර තිබේ. එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු උදේනි දිසානායක විසින් නිකුත් කළ නිවේදනයක ඒ පිළිබඳ මෙසේ දැක්වෙයි.

“රටේ පවතින දේශපාලන වාතාවරණය මේ වන විට සිවිල් අරගලයක් දක්වා වර්ධනය වන තත්වයක් තුළ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටළුව ද සලකා බලා 2018.10.31 දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරය වෙනත් දිනයකදී පැවැත්වීමට තීරණය කරන ලදී.

කළමනාකරණ සහකාර සේවයේ වෘත්තිය සමිති නායකයන් රටපුරා ගොස් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් දැනුවත් කරමින් විශාල කැපකිරීමක් කළ අතර, සාමාජිකයා වෘත්තිය සමිති කෙරෙහි පෙර නොවු බැඳීමක් ගොඩනැඟුණු බවද සිහිපත් කරමු.

කෙසේ නමුත් රටේ පවතින තත්වය මත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය නතර කිරීමට සිදුවුවත් ඉදිරි දිනකදී අප සේවාවේ ඉල්ලීම් දිනා දීමට මුලිකත්වය ගෙන කටයුතු කිරීමට අප සුදානම් බවද ඒ වෙනුවෙන් ඔබගේ දායකත්වයද නොමඳව බලාපොරොත්තු වෙමු.”

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435