රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අල්ලස් පැමිණිලි ගලා එයි

07 ජුනි 2014-wedabima.lk

විවිධ රාජ්‍ය ආයතනවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මෙම වසරේ ජනවාරි-අප්‍රේල් මාස ඇතුළත පැමිණිලි 818ක් ලැබී ඇත. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මී ජයවික්‍රම මහත්මිය සඳහන් කළේ, එම පැමිණිලි අතරින් පැමිණිලි 283ක් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් නීති වාර්තා කැඳවා ඇති බවද එම මහත්මිය පැවැසුවාය.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් බව සඳහන් කළ ජයවික්‍රම මහත්මිය පැවැසුවේ එම පැමිණිලි සංඛ්‍යාව 167ක් බවයි.
ප්‍රාදේශීය සභාවල නිලතල දරන පුද්ගලයන් 30 දෙනකු පිළිබඳ සහ නගර සභාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 13ක්ද, පොලිස් නිලධාරීන් පිළිබඳ පැමිණිලි 85ක්ද, දිසා ලේකම් කාර්යාලවලට අදාළ පැමිණිලි 65ක්ද තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශය පවසයි.

අල්ලස් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සියල්ල කොටස් 24කට වෙන්කොට විමර්ශනය කරගෙන යන බවද අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
මේ අතර එම මාස 4 තුළ වැටලීම් 24ක් සිදුකොට පොලිස්, අධ්‍යාපන හා සංස්ථා සේවාවලත්, විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීන්, මහවැලි අධිකාරියේ සේවකයන් 13 දෙනකුත් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශය සමත්වී ඇත.

 

උපුටා ගැනීම මව්බිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435