රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයටද අවම මූලික වැටුප රු.15,000 කැපයි

ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමේදී මෙවර ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුවු බව නිදහස් වෙළඳකලාප හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි.

න්‍යාය පත්‍ර යේ පැවති අන්දමට ජාත්‍යන්තර කම්කරු සම්මේලනය විසින් කම්කරුවන්ට වැඩවර්ජනය කිරීමට පවත්නා අයිතිය අවධාරණය කරමින් ලබාදුන් තීන්දුවට අදාළව රජයේ පාර්ශවයේ කරුණු දැක්වීම පිළිබඳ සාකච්ඡා කෙරුණු බවත්, එහිදී කම්කරු අමාත්‍යංශයේ නීති උපදේශකවරයා විසින් ලබාදුන් ලියවිල්ල පිළිබඳ අවධානය යොමුකෙරුණු බවත් මාකස් මහතා සඳහන් කළේය.

එසේ වුවද නීති උපදේශකවරයාගේ කරුණු දැක්වීම් පිළිබඳ වෘත්තීය සමිතිවල ප්‍රසාදයක් නොතිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉදිරි ‘ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට“ඇතුළත් කළ යුතු බවටත් යෝජනාවූ බව ඔහු කියා සිටියේය.

අයවැයෙන් සහන ලබාදීමට අදාළව පුද්ගලික අංශයේ අවම මූලික වැටුප 10,000 ක් ලෙස ගෙන ආ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළව නීති ගෙන ඒමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළ බවත්,එය වැඩදායි බව වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ද පෙන්වා දුන් බවත් හෙතෙම පැහැදිලි කළේය.

විශේෂයෙන්ම පඩි පාලක සභා මගින් ආවරණය නොවන පුද්ගලික අංශයේ ආයතන බොහොමයක් පවත්නා බැවින් ඒ සියල්ල ආවරණය වන පරිදි නීතිමය විධිවිධාන සැලසිය යුතුව ඇති බව තමාද පෙන්වා දුන් බව ඇන්ටන් මාකස් මහතා කියා සිටියේය.

එසේ වුවද රාජ්‍ය අංශයේ අවම මූලික වැටුප රු.15,000 ක් කොට දීමනාද එක්ව මුළු වැටුප 25,000 ක් කරන බවට අයවැයෙන් යෝජනා කොට පුද්ගලික අංශයට මෙලෙස මූලික අවම වැටුප රු.10,000 ක් කිරීමෙන් එය ‘ජාතික වැටුප් තලයක්“නොවන බවත්, ජාතික වැටුප් තලයක් වීමට නම් පුද්ගලික අංශයේද අවම මූලික වැටුප රු.15,000ක් කොට සමාන විය යුතු බවත් තමා පෙන්වා දුන් බව මාකස් මහතා අවධාරණය කළේය.

එසේම ඉකුත් 2014 අයවැය යෝජනා මගින් රාජ්‍ය අංශයට හා පුද්ගලික අංශයට රු.1200ක වැටුප් වැඩිකරන බවට වැටුප් වැඩිකිරීමක් ඉදිරිපත් කළද එය හෝ මෙතෙක් පුද්ගලික අංශයේ සේවකයින්ට හිමි නොවී ඇති තත්ත්වයක් තුළ මෙවර රාජ්‍ය අංශයට රු.3220 ක වැටුප් වැඩිකිරීමක් හිමිවන තත්ත්වයක් තුළ එකී අගයන් සාමාන්‍ය පොදු මට්ටමක තැබීමේදී පුද්ගලික අංශයටද රු.15,000 ක් ලබාදීමේ කිසිදු අසාධාරණයක් නොවන බව තමන් පෙන්වා දුන් බව හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ තමන් ඒ ගැන අවධානය යොමු කොට කරුණක් වශයෙන් සටහන් කරගන්නා බව යයි මාකස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435