රාජ්‍ය සේවකයින්ට අනිවාර්යවූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය සම්බන්ධ වැදගත් ආරංචියක්

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය කොට තිබු දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසි කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කරවා ගැනීමට සුදානම් බව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

සිංහල සේවකයින්ට දෙමල භාෂාවත් දමිල හා මුස්ලිම් සේවකයින්ට සිංහල භාෂාවත් සිය දෙවන භාෂාව ලෙස ප්‍රගුණ කිරීමට මෙම විභාගය අනිවාර්ය කොට තිබුනද එය ප්‍රයෝගික නොවන නිසා මින් ඉදිරියට විභාගය පැවැත්වීම වෙනුවට විශේෂ භාෂා පුහුණු පාටමාලාවක් පමණක් පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මේ වනවිට දෙමල භාෂාව සමත් කර ඇති නිලධාරීන්ට අසාධාරණයක් .මොකද ඒ සදහා බොහෝ වෙහෙස මහන්සි වී උපකාරක පන්ති වලට සහබාගී වී එම දෙමල විභාගය සමත් වී ඇත.ඔවුන්ට විශේෂ දීමනාවක් හෝ ලබා දිය යුතුයි .

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435