රාජ්‍ය සේවක දීමනා කැපෙයි

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට හිමි රුපියල් 15,000ක විශේෂ දීමනාව තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 07 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 02 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පසුගිය 07 වෙනිදා  ලිඛිතව දැනුම් දී ඇත.

වත්මන් ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයක සිර වී සිටින මොහොතක රජයේ සාමාන්‍ය සේවකයන්ගේද දීමනා කපා හැරීමට සිදුවන තත්වයක් උද්ගතව ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

මේ වනවිට බඩුමිල පවා දැරීමට අපහසු තරම් අධික ලෙස ඉහළගොස් ඇති අතර සාමාන්‍ය ජනතාව අන්ත පීඩාවට පත්ව ඇත.

කෙසේ වෙතත් වත්මන් රජය නියෝජනය කරන ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේ රජයේ  සේවකයින්ට වැටුප් වැඩිකරන බවට පොරොන්දු වූ අතර විධායක ශ්‍රේණියට මෙම දීමනාව යෝජනා කර තිබිණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435