රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් 10ට පෙර ලැබෙන්නේ මෙහෙමයි!

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ විසින් නිවේදනය කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

රට තුළ කොරෝනා වසංගත තත්ත්වයක අවදානමක් ප්‍රකාශයට පත්ව තිබියදී රජයේ සේවකයින්ට ලබාදෙන සහනයක් ලෙස මෙය ඇතැමුන් විසින් හුවා දක්වන බවක් පෙන්නුම් කළද, එවන් ව්‍යසනයක් පිළිබඳ හාංකවිසියක් වත් නොතිබුණු 2019-09-06 දින නිකුත් කළ චක්‍රලේඛයක පවා මෙම වැටුප් කල් තියා ගෙවීම පිළිබඳ දක්වා තිබේ.

භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ 4/2019 යටතේ 2020 වර්ෂය තුළදී වැටුප්, අත්තිකාරම් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.ආර් ඔල්ගා විසිනි.

වැඩබිම

circular-2019-04-20190906

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435