රාජ්‍ය සේවයට අලුතින් ගුරුවරු 1130ක් බඳවා ගැනීමේ සූදානමක්

උතුරු නැගෙනහිර රජයේ පාසල්වල වසර ගණනාවක්ම ස්වේච්ඡුා ගුරුවරුන් වශයෙන් සේවය කළ ගුරුවරුන් 1130 දෙනකුට ස්ථිර ගුරු පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 7 වැනිදා යාපනයේදී පැවසුවාය.

මෙම ගුරුවරුන් පිරිස ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ඔවුන්ට මේ මස 29 වැනිදා ස්ථිර පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමට කටයුතු යොදමින් සිටින බවත් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරිය කියා සිටියාය.

උතුරු නැගෙනහිර පාසල්වල ස්වේච්ඡුා පදනම යටතේ ගුරුවරුන් 1302දෙනකු සේවය කළ බව කී විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගේ සුදුසුකම් නියමිත පරිදි සපුරා තිබුණේ ගුරුවරුන් 1130 දෙනෙකු පමණක් නිසා එම නාම ලේඛනය පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ බව ද ප‍්‍රකාශ කළාය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435