රාජ්‍ය සේවයට අලුතින් තවත් පත්වීම් රැසක් -ගැසට් නිවේදනය මේ මස 23 දා

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ සඳහා වන ගැසට් නිවේදනය 23දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් විද්‍ය්‍රත් මාධ්‍ය ක්‍රමයෙන් මෙම බඳවා ගැනීම සිදුකරන බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව www.health.gov.lk යන වෙබ් අඩවියට අයඳුම්පත් යොමුකළ හැකි බවත් අන්තර්ජාලය හරහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් බඳවා ගන්නේ ප්‍රථම අවස්ථාවට බවත් එම නිවේදනයේ දැක්වෙයි.

උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව හා රසායන විද්‍යාව යන විශයන් අතරින් විෂයන් 03ක් එක් වරකදී සමත්වූවන්ගෙන් අයඳුම්පත් කැඳවිමට නියමිතය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435