රාජ්‍ය සේවයට අලුතින් 1360ක්

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ සහ පුහුණු අභ්‍යාසලාභීන් 1360 කට පත්වීම් ලිපි ප්‍රධානොත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දරයේ දී සිදු කෙරිනි.

ඒ අනුව පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ කාර්ය මණ්ඩලය යටතේ විකිරණ ශිල්පී 30 ක්, භෞත චිකිත්සක 10 ක්, වෘත්තීය චිකිත්සක 28 ක් ද, අතුරු වෛද්‍ය සේවාව යටතේ පවුල් සෞඛ්‍ය සේවා 538 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක 266 ක්, පාසල් දන්ත චිකිත්සක 48 ක්, අක්ෂි තාක්ෂණවේදී 18 ක්, දන්ත චිකිත්සක 04 ක් වශයෙන් 942 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිනි.

උපාධාධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට බදවා ගැනීම යටතේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 147 ක්, ඖෂධවේදී 95 ක්, භෞත චිකිත්සක 120 ක්, විකිරණ ශිල්පී 56 ක් වශයෙන් 418 කට පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානය කෙරිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435