රාජ්‍ය සේවයට ආශිර්වාදයක්

මේ ඔබ දකින සේයාරුව රෝහල් වාට්ටුවක රෝගියෙකුගෙ ඇඳක්. හොඳින් බලන්න ඒ තියෙන කඩදාසි මිටිය. ඒ දරුවන්ගේ විභාග පිළිතුරු පත්‍ර මිටියක්.

මේ ඇඳ අයිති රෝගියා ගුරුතුමියක්. ඇය අසනීපව රෝහලේ සිටියත් වරින්වර සිසුන්ගේ පිළිතුරු පත්‍ර බලමින් ඉන්නේ. මුලින් ඈ මගේ නෙත ගැටුනේ ඇඳක් නැතිව පුටුවක වාඩිවී තව පුටුවක දෙපා තබාගෙන පිළිතුරු පත්‍ර බලද්දීයි. ඒ දර්ශනය ඇස් වලට කඳුලු ගෙනාවා. පසුව ඇය වෙනුවෙන් ඇඳක් වෙන් වුනා.

ඇය වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ලබාගනීවි. ඒත් ඒ නිවාඩුව ඇය සම්පූර්ණයෙන් භුක්තිවින්දේ නැහැ. මතුපිටින් පෙනෙනවා ට වඩා යමක් මේ උතුම් වෘත්තිය තුල දකින්න ඔබටත් හැකි වේවා. තමන්ගේ අයිතිවාසිකම් නොලබා යුතුකම් ඉටුකරන මෙවන් අය සමාජයට ආදර්ශයක්.

ඇයට ඉක්මන් සුවය සහ වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

Reality – යතාර්ථය මුහුණ පොතෙන්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435