රාජ්‍ය සේවයට නවක ගුරුවරුන් බඳවා ගැනීම ගැන අලුත් ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් – අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුට ම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

මෙම වෘත්තීය ප්‍රවේශයක් සහිත නව අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර ගුරුවරුන් 1500ක් බඳවා ගන්නා ලද බවත් අමාත්‍යවරයා පැවසීය.

2017 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම උසස් පෙළ වෘත්තීය විෂයධාරාව යටතේ සිසුන්ට නවලොව රැකියා වෙළඳපොල ජයගත හැකි වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ.

ඔවුන්ගේ රැකියාගත පුහුණු කාලසීමාවේ දී දෛනිකව රුපියල් 500/- දීමනාවක් ගෙවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලද බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ට දැනුම් දී ඇති අතර, 2020 වර්ෂය සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435