රාජ්‍ය සේවයට නවක නිලධාරීන් රැසක්- අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනය කරයි

රජය මගින් සිදු කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් 22000ක් අලුතින් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඊට අමතරව අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ 06කට අලුතින් සමෘද්ධි සහනාධාර ලබා දීම මේ මස 30වන දා සිට ආරම්භ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීය.

තවද කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ සංවර්ධනය කිරීම සඳහා රජය ජපන් රජයෙන් සියයට දශම එකක පොළියකට වසර 40ක කාලයකදී ආපසු ගෙවීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට යන බවද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

වැඩබිම

සබැඳි ලිපි:

ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ සිහිපත් කිරීමක්!

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435