රාජ්‍ය සේවයට නවක නිලධාරීන් 7000ක් – පත්වීම් ලඟදීම

වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (27) පැවසීය.

බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.

සමෘද්ධි අධිකාරිය යටතේ දහස් ගණනක් සේවය කළ නමුත් ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබීම පිළිබඳව සාකච්ඡා කර එය දිවිනැගුම නමින් දෙපාර්තමේන්තුවක් බවට පත්කළ බවද ඒ අනුව සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කළ නිලධාරින්ගේ සේවය ස්ථිර කර හෝ අලූත් පත්විම් ලෙස ලිපි ලබාදිය යුතුව තිබුණත් ආණ්ඩුව පෙරළීම නිසා එය කළ නොහැකි වු බවද අබේවර්ධන මහතා පැවසීය.

2015 බලයට පත්වූ ආණ්ඩුවෙන් එම පත්වීම් ලිපි ලබාදිය යුතුව තිබුණ ද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මඟහැරිය බවද ඒ නිසා සේවකයින් දවස් ගණනක් තමන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකට පත්ව සිටි බවද ඔහු පැවසීය.

වසර තුනක් තිස්සේ එලෙස පමා කරමින් සිටි පත්විම් ලබාදීමේ කාර්යය නව ආණ්ඩුව බලයට පත්වී මාසයක් වැනි කාලයක් තුළ ඉටු කිරිමට නව ඇමැති විමල් වීරවංශ මහතා කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වන බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    සමුර්දි නිලදරින්ට දුන්නට උපදිදරින්ට දෙපාරක් ඉන්ටවිව් කරලට් තවම දුන්නේ නැ පත්වීම් .අලුත් රජයවත් අපි ගැන හිතන්ඩ

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435