රාජ්‍ය සේවයට නවක පත්වීම් 1603ක්

හෙද සේවාවට තවත් 1603 දෙනෙක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. පත්වීම් පිරිනැමීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (08) පැවැත්වේ.

අංශ කිහිපයක් සඳහා ඔවුන් යොමු කිරිමට කටයුතු යොදා තිබේ.

ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගෙන තිබෙන පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය හා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මූලාශ්‍රය-දිනමිණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435