රාජ්‍ය සේවයේ තවත් 31000කට උසස්වීම්

දීර්ඝ කාලිනව උසස්වීම් නොලැබු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරීන් 31,000කට අධික ප්‍රමාණයකට උසස්වීම් ලබාදීමට අදාළ සියලු ආයතනවල අනුමැතිය හිමිව ඇත.

විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් පරිදි ඉදිරිපත් කරන ලද උසස්වීම් යෝජනාවලියට අදාළව ජාතික පොලිස් කොමිසමේ, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව යන සියලු ආයතනවල අනුමැතිය හිaමිව තිබේ.

ඒ අනුව 2019-01-01, 2020-01-01 සහ 2021-01-01 යන කාණ්ඩ තුනකට අයත් නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැළකිල්ලට ගනිමින් උසස්වීම් ලබාදීමට යෝජනා වූ අතර  2019 ජනවාරි මස 01 දා සිට ක්‍රියාතක්මක වන පරිදි පළමු කාණ්ඩයට අයත් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා ඇති නිලධාරීන් සහ නිලධාරීනියන් ඇතුළු 5824ක් වූ පිරිසකට අදාළ උසස්වීම් කඩිනමින් ලබාදීමට නියමිතය.

මූලාශ්‍රය – අද

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435