රාජ්‍ය සේවයේ රැකියා සොයන සැමට සුබ ආරංචියක් – 2020 රාජ්‍ය සේවයට අලුතින් 153,000

සමෘද්ධිලාභීන් හෝ අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් හා රැකියා විරහිත උපාධිධාරීන් 53,000ක් වශයෙන් 153,000ක් මේ වසරේ රාජ්‍ය සේවයේ රැකියා සඳහා එකවර බඳවා ගැනීමට රජය තීරණය කරයි.

මේ අනුව මේ වසරේ ජනවාරි 1 දා වනවිට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 53,000ක් රැකියා සඳහා බඳවා ගැනීම මාර්තු 1 දා සිට ආරම්භ කෙරෙන බවත්, අදාළ අයැදුම්පත් එදින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දීමට ඔවුන්ට අවස්ථාව ලබා දී ඇති බවත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාති, ආගම්, කුල භේද හෝ අභ්‍යන්තර උපාධිධාරීන් ද, බාහිර උපාධිධාරීන් ද යනාදී කිසිදු භේදයකින් තොරව මෙම උපාධිධාරීන් රැකියා රැකියා සඳහා බඳවා ගැනෙන බවද, බඳවා ගැනීමෙන් පසු එම උපාධිධාරීන් හය මසක අනිවාර්ය නායකත්ව පුහුණුව සහ වෘත්තීය අභිමුඛ පුහුණුවක් සඳහා යොමු කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. කිසිදු දේශපාලනඥයකු පිටුපස ගමන් කිරීමට හෝ වෙනත් ආකාරයේ බලපෑම් කිරීමට යටත් වීමට සිදුනොවන ආකාරයෙන් ලාංකීය උපාධිධාරී දරුවන්ට මේ අන්දමින් ඉතිහාසයේ පළමුවරට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් මේ අනුව සකස් කර තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පසුගිය 23 පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.

එමෙන්ම, දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළ යටතේ සමෘද්ධිලාභීන් හෝ ඒ හා සමාන අඩුආදයම්ලාභීන් ලක්ෂයක් බහුකාර්ය ශ්‍රම හමුදාවක් ලෙස බඳවාගන්න කටයුතු කරනවා. ඒ සඳහා පුවත්පත් දැන්වීම මේ වනවිට පළ කර තිබෙනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත අට ශ්‍රේණිය සමත් පිරිසයි ඒ සඳහා බඳවා ගන්නේ.

(උපුටා ගැනීමකි)
වැඩබිම

සබැඳි ලිපි:

2019 උපාධිය සම්පූර්ණ කල උපාධිධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක්!

උපාධියට සරිලන ඉහළ වැටුපක් සමඟ අනගි රැකියා අවස්ථාවක් – මඟහැර ගන්න එපා

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435