රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාව අද  (28) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත අදාල වාර්තාව භාරදෙන බව එම කොමිසමේ සභාපති එස්. රනුග්ගේ මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් ගැටලුව නිරාකරණය කිරීම සඳහා පසුගිය අගෝස්තු මස 20 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවාය.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ එච්.ජී සුමනසිංහ මහතායි.

දුම්රිය, තැපැල්, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වල වැටුප් ව්‍යුහයන්හි පවතින විෂමතා ඉවත් කිරීමට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරුණු ප්‍රධාන වගකීම වේ.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435