රැකියාව හා සෞඛ්‍යය – 1

01 ජුලි 2014 – wedabima.lk

 

රැකියාව හා සෞඛ්‍යය – 1

 

ඔබ යම්කිසි රැකියාවක නියුතු අයෙක්ද ? ඔබ කලක් තිස්සේ පීඩ විදින රෝගය ඔබේ රැකියාව නිසා ඇතිවූවක් විය හැක. වෘත්තීය රෝග හා වෘත්තීය අනතුරැ ලෙස හදුන්වන්නේ යමෙකු කරන වෘත්තීය නිසා හට ගන්නා කායික, මානසික හා සාමාජීය රෝග, අනතුරැ හා පීඩාවන්ය.

 

වෘත්තීය අනතුරැ හා රෝග හටගන්නේ කෙසේද?

 

කන්තෝරැවක, වැඩපලක, කම්හලක, ගොවිබිමක වැඩකරන ඔබ ජීවත්වන්නේ අනෙක් සේවකයන්, යන්ත්‍රසූත්‍ර, රසායන දව්‍ය, නිෂ්පාදන වලින් සෑදුනු පරිසරයකය.මේ පරිසරයේ කොටස් එකිනෙක සමග අනෙක් කොටස්වලට හානියක් නොවන පරිදි බැදී පවතින තාක කල් කාර්මික හෝ රෝග පීඩා හට ගනී.

 

එහෙත් යන්ත්‍රසූත්‍ර, රසායන ද්‍රව්‍ය, භෞතික පරිසරය හෝ ‍අනෙක් සේවකයන් ඔබට පීඩා දෙන ආකාරයෙන් ක්‍රියත්මක වුවහොත් එවන් තත්ත්වයක් වෘත්තීය අනතුරැ, වෘත්තීය පීඩාවන්, වෘත්තීය රෝගයක් ඇති කරයි.

 

උදා – 1. අධික ශබ්දය දෙන යන්ත්‍රයක් ඔබ මානසික පීඩාවට ලක්කරන අතර, ඔබේ කන් ඇසීම දුර්වල කරයි.

2. කරදරකාරී වැඩ මූලිකය‍‍යෙක් හෝ පාලකයෙක් ඔබ මානසික අසහනයට පත්කරයි.

 

වාත්තීය අනතුරක් යනු කුමක්ද ?

 

ඔබේ රැකියා‍ව නිසා හටගන්නා අනතුරක් වෘත්තීය අනතුරකි. එය පැහැදිලිව හදුනාගත හැකි රෝගයක් නම් වෘත්තීය රෝගයක් ලෙස හදුන්වනු ලබේ. එසේ නැත්නම් එය රෝග ලක්ෂනයක් හෝ ලක්ෂන කිහිපයක් පමණක් විය හැක.

 

වෘත්තීය අනතුක් හදුනාගනිමු

 

වෘත්තීය අනතුරැ ඇතිවන්නේ වැඩකරන ඔබේ අත්වැරදීම් වලින් පමණක් නොවේ. ඔබේ වැඩ‍පලේ එම අනතුර ඇතිවීම වැලැක්වීමට යොදා ඇති ආරක්ෂක උපක්‍රම මද බැවිනි.

 

  • ඔබ වැපලට ඇතුල්වූ පසු ඇස් සැවිල්ල, කදුලු ගැලීම, ඇස් කැසීම හටගනීද? අස්වාභාවක සැරගදක් දැනේද? හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේද?
  • හිසරදය, ඔක්කාය, හිස කැකවීමේ ගතිය ඇතිවේද?
  • වැඩපල තුල දුහුවිලි ගතිය, දුම් අධික ගතියක් තිබේද?

 

මේවා රසායන දව්‍යවලින් භයානක ලෙස අපවිත්‍ර වූ වාතය හදුනාගැනීමේ ලකුණු වේ.

 

  • ඔබේ වැඩපල තුල ඇති ඝෝෂාව නිසා අන් අයෙකු සමග සාමාන්‍ය දුරක සිට කථා කලවිට ඇසෙන්නේ නැතිද?

එය ඔබේ ඇසීම දුර්වල කිරීමට තරම් භයානක ඝෝෂාවකි.

 

  • ඔබේ වැඩපල තුල රසායන ද්‍රව්‍ය විවෘතව අප්‍රවේසම්කාරීව තබා තිබේද?

එය ඔබේ සෞඛ්‍යට අහිතකරය.

 

  • ඔබට නිතර හටගන්නා ශරිර ආබාධයක්, රෝගයක් තිබේද?

එය ඔබේ වැඩපපලන් ඔබට ඇතිවූවා විය හැක.

 

  • ඔබ දැඩිව ගැස්සෙන එසේත් නැතහොත් ඒකාකාරව සෙලවන යණ්ත්‍රයක් සමග වැඩ කන්නේද?

ඒ හේතු කොට ගෙන ඔබට දීර්ඝකාලීන ලෙඩරෝග හටගත හැක.

 

වෛද්‍ය අජිත් අමරසිංහ – රැකියාව හා සෞඛ්‍ය කෘතියෙනි

 

health and safety 2

 

occupational_health_and_safety

workplace_health_and_saftey

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435