රැකියා අහිමිව කුවේටයේ සිටින ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු අදින් ඇරඹෙයි

කුවේට් රාජ්‍යයෙහි සේවය කිරිමේ අවස්ථාව අහිමි වූ ශ්‍රී ලාංකිකයන් සඳහා එරට විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදුසමා කාලය තුළ මෙරටට ගෙන්වා ගැනිමේ කටයුතු අද(19) සිට ආරම්භ කර තිබේ.

කුවෙට් හි සිටි ශ්‍රී ලාංකිකයින් 460 දෙනෙකු පමණ මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගැනිමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව එහි පළමු අදියර යටතේ කුවෙට් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් එරට සිටින ශ්‍රී ලාංකික පිරිසක් අද දිනයේ මෙරටට පැමිණිමට නියමිතයි.

සාමාන්‍ය පොදු සමාව මඟින් කුවෙට් හි සේවය කිරිමේ අවස්ථාව අහිමි වූ පුද්ගලයින්ට කිසිදු බලපෑමකින් තොරව එරටින් පිටව යාමට අවස්ථාව හිමි වන අතර නෛතික වශයෙන් සේවය සඳහා යළි කුවේට් රාජ්‍යයට පැමිණිය හැකි බව සඳහන්.

කුවේට් හි සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායන සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435