අභියාචනා ඉදිරිපත්කළ උපාධිධාරීන් සැප්තැම්බර් 25ට පෙර බඳවා ගනීද?

උපාධිධාරී රැකියා අවස්ථා අහිමිවූවන්ගේ අභියාචනා භාරගැනීම සැප්: 15 අවසන් වන අතර සැප්:25 ට පෙර බඳවාගැනීම් කරන ලෙස ඉල්ලා සිටිමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩර තෙන්නකෝන් මහතා ලෙස ලිපියක් යවමින්, උපාධිධාරින් ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු විසින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම 2020 – වැඩසටහන යටතේ 2019. 12. 31 උපාධිය වලංගු දිනය සහිත උපාධිධාරීන් අයදුම් කරන ලදි. එම අයදුම්පත් භාරගැනීම 2020. 02. 07 දින ආරම්භ වී 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර 2020. 03. 02 දින පත්වීම් ලිපි ද නිකුත් කරන ලදි. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම හා Covid -19 වසංගත තත්වය හේතුවෙන් එම අභ්‍යාසලාභීන්ට අදාළ පුහුණුව තාවකාලිකව අත්හිටුවන ලදි.

එම ක‍්‍රියාවලියේ පවතින දැඩි ව්‍යාකූලභාවය හා විනිවිදභාවයෙන් තොර වීම නිසාම අයදුම්පත් යොමුකළ විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදු වූ බව දැනුවත් කර සිටින්නෙමු.

එම කප්පාදුවට හා අසාධාරණයට එරෙහිව මතුවූ විරෝධතා හා ඉල්ලීම් සලකා බලා 2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලය සඳහා ගරු ජනාධිපතිතුමා විසින් උපාධිධාරීන් බඳවාගැනීමේ ප‍්‍රමාණය 10000 කින් වැඩි කිරීම තීරණය කළ අතර එම තීරණය අගයමු.

සේවක අර්ථසාධක, රැකියා, 45 ට වැඩි, අනුමත විදෙස් උපාධි, රාජ්‍ය නිලධාරීන්ගේ අත්සන් ඇතුළු ලේඛන වල ගැටළු, පොරොත්තු, දිස්ත‍්‍රික් දෙකකින් අයදුම්පත් යොමු කිරීම ඇතුළු ප‍්‍රතික්‍ෂේප වූ ප‍්‍රමාණය ආසන්න වශයෙන් 16,902 කි.

2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ 10 000 සහ 2020. 09. 02 දින අභ්‍යාසලාභී පත්වීම් ලැබ දින 07 ක් තුළ වැඩභාර නොගත් ප‍්‍රමාණයත් එක් කළ පසු දැනට ප‍්‍රතික්‍ෂේප කර ඇති උපාධිධාරීන්ට රැකියා ලබා දී අවසන් කළහැකි බව පෙන්වා දෙන්නෙමු.

ප‍්‍රතික්‍ෂේප වූ කාණ්ඩවලට අදාළ අභියාචනා භාරගැනීම් 2020 සැප්: 15 දිනෙන් අවසන් වන අතර අදාළ අභියාචනා දින කීපයක් තුළ සලකා බැලීම් සියල්ල සිදු කර සැප්:25 දින වන විට එම පිරිස බඳවාගැනීමේ දින වකවානු සහිතව රජයේ තීරණය දැනුම් දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

එමෙන්ම උපාධිය වලංගු දිනය සමාන, එකම දිනට අයදුම්පත් යොමුකළ අභියාචනා ලබා දීමට සිදුව ඇති පිරිස ද, 2020. 09. 02 දින බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරී පිරිසට සමාන්තරව බඳවාගෙන අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත්කර ගන්නා මෙන්ද වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

අදාළ අභියාචනා සලකා බැලීම් සඳහා වන සාධාරණ කාලසීමාව ඉකුත් වීමෙන් විසඳුමකින් තොරව ඉතිරි බඳවාගැනීම කල්ගත වන්නේ නම් සැප්: 25 න් පසු ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බවද කාරුණිකව දන්වා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435