රැකියා ඉල්ලූ උපාධිධාරීන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර එළ්ලවීම හෙළාදකී

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සාමකාමී උද්ඝෝෂණයට ප්‍රතිචාර දැක්වූ ආකාරය තරයේ හෙළා දකින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා සඳහන් කරසිටින්නේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ වගකිවයුතු නිලධාරීන් සමඟ රජය වහාම සාකච්ඡා කොට ඔවුන් වෙත සාධාරණය ඉටු කිරීමට පියරව ගත යුතු බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දක්වා තිබේ.

රටේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් නොමැති මෙම ආණ්ඩුව අද තවත් මර්දනකාරී මෙහෙයුමක් දියත් කළේය. ඒ රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් රැසක්ම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුවට රැස්වූ අවස්ථාවේදී ඔවුන්ට පොලිසිය ලවා ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට බලය යොදා පලවා හැරීමයි.

රටේ සාමාන්‍ය ජනතාවට පවා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති වකවානුවක නිදහස් අධ්‍යාපනය ලබා උගතුන් ලෙස විශ්වවිද්‍යාලවලින් පිටවූ තරුණ තරුණියන් තම උගත්කමින් රටට සේවයක් කිරීමට සහ ජීවත් වීම සඳහා රැකියාවක් ඉල්ලීම සාධාරණය. එසේම, ඔවුන්ට රැකියා ලබාදීම රජයේ පරම යුතුකමකි. මේ සම්බන්ධයෙන් නොපමාව සොයා බලා මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදාළ විෂයභාර ඇමැතිවරයා වෙත මවිසින් දැන්වීමක් කළද, මේ දක්වා කිසිම පියවරක් ගත් බවක් පෙනෙන්නට නැත.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435