රැකියා විරහිතයින්ගේ අර්බුධය උග්‍රයි

කෝවිඩ් වසංගත තත්ත්වය මත ශ‍්‍රමිකයන් මුහුණ දී ඇති අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා වූ යාන්ත්‍රණයක් සකස් කිරීමේ සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ ඒකාබද්ධ රැස්වීමක් 2020.06. 26 වන දින කටුණායක  Stand up Movement Lanka  කාර්යාලයේදී පවත්වන ලදි.

එම සාකච්ඡාව සඳහා ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය, නීතිය හා සමාජ භාරය, නැෂනල් යූනියන් ඔෆ් සී පෙයානස් ශ‍්‍රී ලංකා , ඩාබිදු සාමූහිකය, නිමි භාණ්ඩ, ඇඟළුම් හා රෙදිපිළි සේවක සංගමය, ශ‍්‍රම අභිමානී කේන්ද්‍රය, ෂේෆ් ආයතනය , මානව විමුක්තිය උදෙසා සංවර්ධනය , ස්ටෑන්ඩ් අප් මූව්මන්ටි ලංකා ආයතනය ආදී වශයෙන් , විවිධ ක්ෂේත්‍රවල ශ‍්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුලූ සිවිල් සංවිධාන 10 ක සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය

වෙළඳ කලාප මෙන්ම අනේකුත් ප්‍රදේශ මේ වන විට ශ‍්‍රමිකයින් මුහුණ දෙමින් සිටින බරපතල අභියෝගයන්ට සාමූහිකව පිළිතුරු සෙවීමේ වැඩපිළිවෙලක් සඳහා මූලික මට්ටමේ සාකච්ජාවක් පැවැත්විය.

එහි ඉදිරිපත් වූ කරුණු අතර,

  • සේවකයන්, නේවාසිකාගාර කුලී ගෙවීමේදී හා භාණ්ඩ මිලදී ගෙන ඇති සිල්ලර කඩ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව මුහුණු දෙමින් සිටින ගැටලූ.
  • රැකියා ස්ථාන මේ වන විට අත්තනෝමතික ලෙස සිදු කරන සේවකයින් ඉවත් කිරීම හා වැටුප් කපා හැරීම මත ඇති වී ඇති අර්බුධය.
  • ආයතන විසින් සේවකයන්ට රැකියාව එපා කරවීම සදහා අධික ලෙස වැඩ ඉලක්කයන් ලබාදීම හා ඒ ආශි‍්‍රත මුහුණ දෙන අභියෝග.
  • සමහරක් ආයතන ප‍්‍රධානීන් මේ වන තෙක් කිසිදු නිශ්චිත ප‍්‍රකාශයක් රැකියා සම්බන්‍ධව ප‍්‍රකාශ නොකර සිටීම.
  • මේ වන විට පාලකයින් නිෂ්පාදනය ආශ‍්‍රිත පවතින ගැටලූ සදහා විසදුම් ලෙස සේවකයින් ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය හරහා පීඩාකාරී, හා අයතන තුල තම අයීතීන් වෙනුවෙන් හඩක් නඟන සේවකයින් ඉවත් කිරීමට කටයුතු කිරීම
  • මේ වන විටත් සේවකයන් තම බඩගින්න නිවා ගැනීම සඳහා සිවිල් සංවිධාන සොයා ඒම හා රජයේ නිලධාරින් පවා එම පිරිස් එවැනි ආයතන කරාම යොමු කිරීමට කටයුතු කිරීම
  • නේවාසිකාලාර වලට කොටු වී නිෂ්චිත ආධායමක් නොමැතිව සිටින විවාහක ඇතුළු සහවාසයේ යෙදෙන කාන්තාවන් බරලතල ලිංගික හිංසනයට හා බලහකාරයන්ට ලක් වීම.
  • මේ වන විට විවිධ ප‍්‍රකාශ කරමින් ඉවත් කර ඇති සේවකයින් නැවත සේවයට බඳවා ගන්නා බව දැනුම් දුන්නද, ආයතනයෙන් එසේ සිදු කිරීමට සූදානමක් නැති බවට තොරතුරු වාර්ථා වීම
  • මෑන් පවර් සේවකයන්ට රැකියාවක් සොයා ගැනීමට ඇති නොහැකියාව හා රු. 400 ක් වැනි මුදල්වලටත් ඔවුන්ගෙන් සේවාවන් ලබා ගැනීම

ආදී කරුණු රාශියක් පිළිබඳ සාකච්ජාවට බදුන් විය.

එමෙන්ම අනෙක් අතින්,

  • රැකියාවේ නිරත වීමට අවස්ථාව ලද සේවකයන් ඉතා ආත්මාර්තකාමී ලෙස විශාල අතිකාල ප‍්‍රමාණයක නිරත වෙමින් ඉවත් කරන ලද සේවක පිරිස වෙනුවෙන් හඩක් නොනැගීම
  • ආයතන විසින් සිදු කරන ශ‍්‍රම සූරා කෑම ඔවුන්ට සූරාකෑමක් ලෙස නොව වැඩිපුර කීයක් හෝ උපයා ගැනීමට ඇති මගක් ලෙස එම සේවකයන් කල්පනා කිරීම
  • පාලකයන් තම පුද්ගලික දේපළ පිලිබඳ ඇති බලය මත පදනමිව ආණ්ඩුවට සිදු කරනු ලබන බලපෑම
  • රජය ඉදිරියට එන මැතිවරණ සාධකය මත පදනම් තීන්දු තීරණ ගැනීම හා මෙම බැරැරුම් සාධකය ඉතා ලඝුකොට සැලකිම

වැනි කරුණු පිළිබඳවද ඉතා පුළුල් සාකච්ඡාවක මෙහිදි සිදුකරනු ලැබීය.

එමෙන්ම ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ, ජයකොඩි සහෝදරයා විසින්, පසු ගිය කාලයේ සිට මේ දක්වා සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට ඇති එකම වේදිකාව වන කර්ය සාධක බලකාය පිළිබද ඉතා පුලූල් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු කල අතර  එහිදී කාර්ය සාධක බාලකාය නිර්මානය වූ ආකාරය, එහිදී පාලක පක්‍ෂය හා  කම්කරු ඇමතිවරයා කි‍්‍රයාකරන ආකාරය, මේ වන විට සමාජගත වී ඇති ප‍්‍රකාශයන්ගේ ඇත්ත තත්ත්වය පිළිබඳ ආදී වශයෙන් ඉතා පුලූල් අදහසක් ඉදිරිපත් කිරීමත් සිදු කරන ලදී. එමෙන්ම ඉතා වටිනා සංක්‍යාලේඛන සහිත තොරතුරු ඉදිරිපත් කිරීමත් ජයකොඩි සහෝදරයා විසින් ඉදිරිපත් කළ අතර අප විසින් එවැනි දත්ත සමග එම පාර්ශවයන් නගන තර්කයන්ට මුහුණ දීමට නම් ඉතා වගකීමෙන් තොරතුරු රැස් කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ජාවට ගැණිනි.

එමෙන්ම සදුන් සහෝදරයා විසින්,  සමස්ථයක් ලෙස ගත් කළ  ගෝලීය වෙළඳ පොල ක‍්‍රමය හා ශ‍්‍රම බලකාය හසුරුවන ආකාරයෙහි, සෑම ව්‍යවසන තත්වයකදීම ප‍්‍රතිව්‍යුහගතකරන හා ක‍්‍රම උපාය සකස් කිරීමේ කි‍්‍රයාවලියන් තුල ඉතිහාසය පුරාම සිදු වූයේ තව තවත් ධනපති පන්තිය හෙවත් පාලක පන්තිය ශක්තිමක් කිරීම විනා සේවකයන්ගේ  ජීවිත නගා සිටුවීම නොවන  බවත් අප එවැනි පුලල් අවබෝධයක් සහිතව අඩුම වශයෙන් මෙවර මේවාට මුහුණ දීමේ ක‍්‍රම උපාය සැලැස්මක් සකස් කිරීමේදී  දූරදර්ශී පිළිවෙතක් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳවත් ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලදී.

අශිලා  දන්දෙනිය / Stand Up Movement Lanka

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. ආ ශීලා දන්දෙණිය වාර්තා කොට ඇති සමහර කරුණු බලන බැල්මට ආකර්ෂණීය වුවත් එහි සැබෑ තත්වයන් පිළිබඳව අප හට නිසි අවබෝධයක් තිබිය යුතු ය.කාර්ය සාධක බලකාය විසින් ලංකා සේවය සම්මේලනය හා කම්කරු ඇමතිවරයා එකතුව කර ඇති උත්සාහයන් ඇත්ත වශයෙ ම කම්කරුවන්ට අහිතකර ප්‍රතිඵල ගෙන ඇවිත් දී ඇති බවට එම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසි ම දැන් පිළිගෙන ඇත .ධනපතියන් නියෝජනය කරන ලංකා සේවය සම්මේලනය හා ධනේශ්වර පන්තිය නියෝජනය කරන ආණ්ඩු නියෝජිතයන් කෙරෙහි විශ්වාසය තැබීම මොන තරම් මෝඩ ක්‍රියාවක් ද යන්න දැන් පැහැදිලි වී ඇත .නමුත් දැන් වැටී ඇති වලෙන් ගොඩ ඒමටත්කුමක් කළ හැකි ද ඇයි යන්න සිතා බැලිය යුතු ව ඇත .එවැනි කම්කරුවන් පිළිබඳ විස්තර රැස් කිරිම පමණක් නොව ඔවුන් ගේ හඬ කරළියට ගෙන ඒම සඳහා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වනු ඇත .මෙය හුදෙක් ම එන් ජී ඕ වල කාර්යභාරයක් නො වන අතර අඩු ම වශයෙන් දුර්වල ව පවතින වෘත්තීය සමිති වල කාර්ය භාරය විය යුතු බව මා අදහස් කරමි.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435