රැකියා විරහිත උපාධිධාරීන්ට අලුත් අපේක්ෂාවක් -2019 අයවැයෙන් රැකියා 20,000ක්

රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට රජයේ රැකියා ලබාදීමට මෙවර අයවැය මගින් කටයුතු කරන බව ආර්ථික කටයුතු, ජාතික ප්‍රතිපත්ති සම්පාදන රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පසුගිය 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අභ්‍යන්තර උපාධි පමණක් නොව බාහිර උපාධිධාරීන්ටත් රජයේ රැකියා ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‍කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නිරෝෂන් පෙරේරා මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා

ගිය වසරේදී රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. එය අදියර කිහිපයක් යටතේ රැකියා ලබාදීමට සැලසුම් සිදු කර තිබුණා. එයින් පළමු අදියර යටතේ රැකියා 15,000ක් ලබාදීමට සැලසුම් කර තිබෙන අවස්ථාවේ තමයි ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය සිදුවුණේ. දැන් විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය යොමු කළාට එතුමා දින 52ක් අගමැතිකමේ හිටියා. කැබිනට් රැස්වීම් කිහිපයකට සහභාගි වුණා. ගම්පෙරළිය වගේ වැඩසටහන් නතරකරන්න එතුමා කැබිනට් පත්‍රිකා දැම්මා. නමුත් මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ.

ඒත් එක්කම විපක්ෂ නායකතුමා කියනවා 2012 වසරේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා වගේ රැකියා ලබාදෙන්න කියලා. ඒ ගැන විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා.

මූලාශ්‍රය – දිනමිණ

වැඩබිම

සබැඳි ලිපි:

දුෂ්කර පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

ගුරු සේවයේ පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

උපාධිධාරීන් 50,000ක් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා 5100කට පත්වීම් දීලා

ජාතික හා පළාත් පාසල් සඳහා නවක ගුරුවරු රැසක්

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435