රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ ආරංචියක් – පත්වීම් 16,000ක් අගෝස්තු 01දා

ලබන අගෝස්තු පළමුවනදා උපාධිධාරීන් 16,000 කට රැකියා ලබාදීමට රජය තීරණය කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පත්වීම් පිරිනැමීම සිදුකරන බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

පසුගිය මාස කිහිපය තුල උපාධිධාරීන් 5,000 කට රජයේ රැකියා ලබාදී තිඛෙනවා.

මෙම පත්වීම් පිරිනැමීමේදී සියයට 75ක් අභ්‍යන්තර උපාධිධාරීන්ට හා සියයට 25ක් බාහිර උපාධිධාරීන්ට වන පරිදි ලබාදීමට නියමිත බවයි ජේ සී අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435