රැකියා විරහිත උපාධිධින් ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීම ලබන මාසයේ

වයඹ පළාතේ රැකියා විරහිතව සිටින උපාධිධාරීන් ගුරු පුරප්පාඩු සඳහා එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක මහතා ප්‍රකාශකර තිබේ.

ලබන මාසය ඇතුළත පළාත් සභාව විසුරුවා හැරීමට කටයුතු කරන අතරම ඊට පෙර මෙම පත්වීම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවයි මහ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නිලධාරීන් පසුගියදා මහ ඇමතිවරයා හමුවී සාකච්ඡා කර තිබෙන අතර එහිදී අදාල තීරණය සම්බන්ධයෙන් සංගමයේ නිලධාරීන් දැනුවත්කර ඇත.

මින් පෙර උපාධිධාරීන් එක් කොටසකට පත්වීම් ලබා දී තිබෙන අතර ඉතිරි උපාධිධාරීන් අතුරින් මෙම පත්වීම් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත අයඳුම්පත් කැඳවීම සඳහා නිවේදනය නිකුත් කරන බවත් කඩිනමින් මෙම පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත් මහ ඇමතිවරයා ප්‍රකාශකර තිබේ.

වයඹ පළාතේ දිස්ත්‍රික්ක තුළ දිස්ත්‍රික්ක තුළ පවතින, විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අදාල පත්වීම් ලබා දීමට නියමිතයි.

මධ්‍යම රජයේ අනුමැතිය මත ලබන මාසයේ මැඳ භාගයේ අයඳුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි මහ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435