රුසියාවේ සිරවී සිට තවත් ලාංකිකයින් පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 5.50 ට රුසියාවේ , මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු පවසයි.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩු බාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කර තිබේ.

පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේ දැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකර ඇත.

ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සඳහා විශේෂ බස් රථවල නංවා , එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙය වන අතර මීට පෙර මැයි 22 වන දින රාත්‍රී 10.54 ට ද මෙවැනිම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435