රු. ලක්‍ෂ 300 ක්‌ වටිනා ගස්‌ රු. ලක්‍ෂ 37කට දුන්නැයි ඕපල්ගල වතුයායේ කම්කරුවෝ වතු අධිකාරිවරයා කාමරයක හිරකරති

10 ජුලි  2014 – wedabima.lk

 

රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් ඕපල්ගල රාජ්‍ය වතුයායේ ගස්‌ කැපීමට ආ පිරිසක්‌ දැක කලබල වූ එම වත්තේ කම්කරුවන් ගස්‌ කැපීමට ආ පිරිස හා වතු අධිකාරිවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලයේ කිහිපදෙනකු කාමරයක දා හිරකර මෙම ගස්‌ කැපීම නතර කරන ලෙසට උද්ඝෝෂණය කරන ලදී.

 

රු. ලක්‍ෂ 300 ක්‌ පමණ වටිනාකමින් යුත් ගස්‌ 400 ක තොගයක්‌ ලක්‍ෂ 37 ක පමණ වන මුදලකට කිසියම් පිරිසකට ලබාදී අතයටින් මුදල් ගත් බවට චෝදනා කරමින් මෙම වතු කම්කරුවන් පිරිස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

 

මේ පිළිබඳව අඹන්ගඟ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇම්. යෝගරාජා මහතාගෙන් කරන ලද විමසුමකදී ඒ මහතා පැවසුවේ ඔය ගස්‌ තොගය ටෙන්ඩර් මගින් ලබාගත්තේ අපි. වත්තේ කම්කරුවෝ කියන විදියට අතයට මුදලක්‌ මෙතන ගියේ නෑ. අපි ටෙන්ඩරය අරගෙන ඒ කොන්ත්‍රාත්තුව වෙන කෙනකුට භාර දුන්නා. ඒ අය ගස්‌ කපන්න ගියාම තමා මේ ප්‍රශ්නේ මතු වුණේ. මේක ආරංචි වෙලා මම ඒ වත්තට ගියා. ගිහින් දෙපාර්ශවය එක්‌කම කතා කරලා ගස්‌ කපන එක තාවකාලිකව නතර කරන බව විරෝධතා දැක්‌වූ පිරිසට දැන්වීමෙන් අනතුරුව ඒ අය හිරකරගෙන සිටි පිරිස මුදා හැරියා.

 

මුලාශ්‍රය – දිවයින

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435