රේගු වර්ජනය අවසන් – දින 7ක් පුරා නැවතුන රේගුව අද සිට වැඩ

රේගු ඒකාබද්ධ වෘත්තීය සමිතිය විසින් සතියක් පුරා දියත්කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියෙන් අවසන් වුනා.

ඒ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය නැවත සියධූරයේ පිහිටුවන බවට මුදල් අමාත්‍යාශය නිල වශයෙන් දැනුම් දීමත් සමඟය.

රේගු දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතුකළ පී.එස්.එම් චාල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉවත්කොට ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට විරෝධය දක්වමින් පසුගිය 29 වෙනිදින පස්වරුවේ සිට රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය විය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාශය යළ්ත් ඇය එම ධාරයට පත්කරන බවට නිල වශයෙන් දැනුම් දීමත් සමඟ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කළ බවයි රේගු නිළධාරින්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද(06) උදෑසන සිට සියලු රේගු අංශ සුපුරුදු පරිදි සේවයේ නිරත වන බව අමිල සංජීව මහතා කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435